ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ ස්වකීය පළමු විවාහ සංවත්සරය දින පිය පදවිය ලබන්නට වාසනාවන්ත වූයේය.
සිය මුනුපුරා දැක ගැනීමට අගමැති මහින්ද රාජපක්ෂත්, ශිරන්ති රාපක්ෂත් ගොස් තිබිණි.
“ලිමිනි සහ මගේ පළමු විවාහ සංවත්සරය දිනය වු අද පුත් රුවනක් මෙලොව එළිය දැකීම තරම් ආශීර්වාදයක් තවත් නොමැත. මාගේ ආදරණීය බිරිද ලිමිණි සහ ආදරණීය පුතු නිරෝගීව හා සතුටෙන් සිටින අතර ජිවිතයේ මෙම සන්ධිස්ථාන දෙකම වෙනුවෙන් සුබපැතු සැමට අප තිදෙනාම ස්තූතිවන්ත වනවා.“
නාමල් රාජපක්ෂ ස්වකීය ට්විටර් ගිනුමේ සහ ෆේස් බුක් ගිනුමේ සඳහන් කර තිබිණි.