බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ පරිසරය

තෙල් නැවක් කාන්දු වුණොත් පැල්ලම සෙල්ලමක් නෙවෙයි

by Lanka Sara Editor
සැප්තැම්බර් 12, 2020
in පරිසරය
මුරුසි වෙරළ තෙල්වලින් වැසූ නෞකා අනතුර

මුරුසි වෙරළ තෙල්වලින් වැසූ නෞකා අනතුර

Share on FacebookShare on Twitter

“නිව් ඩයමන්ඩ්“ යෝධ තෙල් නැව අපේ මුහුදේ ගිනි ගනිද්දී ලෝකයේම අවධානයට එය ලක් වූයේ මෑත කාලයේ විශාලතම මුහුදු දූෂණය ලෙස සැලකෙන මීට ටික කලකට පෙර මුරුසි මුහුදේ අනතුරට ලක්වූ තෙල් නැව ට සාපෙක්ෂව කිහිප ගුණයක දරුණු අනතුරක් මෙම නැව සමඟ අපට එල්ල වූ නිසාය.මේ සම්බන්ධයෙන් එක් විශේෂඥයෙක් කීවේ අවුරුදු සිය ගාණකටවත් මැකිය නොහැකි තරමේ අනතුරක් අපේ සමුද්‍ර පරිසරයට එල්ල විය හැකි බවය. එසේම සමුද්‍ර දූෂන මර්දන අධිකාරියේ සභාපතිවරිය පවා මාධ්‍ය හමුවේ කීවේ මෙම නැවෙන් යම් තෙල් කාන්දුවක් සිදුවුහොත් එය ලෝකයේ විශාලතම සමුද්‍ර දූෂණය විය හැකි බවය. දැනටමත් නිව් ඩයමන්ඩ් නෞකාවේ සිට මුහුදට සෙන්ටිමීටර 2ක් ඝනකමැති තෙල් පැල්ලමක් පැතිර යන බව සමුද්‍ර දූෂණ අධිකාරිය පවසා තිබුණි.

බ්‍රිතාන්‍යයේ වෙරළට තෙල් කාන්දු කළ ටෝරි කැනියොන් නෞකා අනතුර

මීට අඩසියවසකට පෙර බ්‍රිතාන්‍ය වෙරළට ටෝරි කැනියොන් නැවෙන් බොරතෙල් ටොන් 100,000 ක් පමණ විසිරී ගිය අතර පසුගිය මාසයේ මුරුසියේ වකාෂියෝ අනතුරින් තෙල් ටොන් 1,000 ක් කාන්දු වූයේය. නිව් ඩයමන්ඩ් නැවේ ගබඩා කර තිබු තෙල් තොගය මුරුසියේදී අනතුරට පත් නැවට වඩා 270 ගුණයක් තෙල් තිබුණි. එසේනම් විය හැකි අනතුරේ බරපතලකම කෙතතරම් වන්නට ඉඩ තිබුණේදැයි වටහා ගත හැකිය. එය ද එරට ඉතිහාසයේ දරුණුතම පාරිසරික ව්‍යසනයට හේතු විය.

මුරුසියේ වනජීවී පදනමේ සංරක්ෂණ අධ්‍යක්ෂක විකාෂ් ටටායා පවසා තිබුණේ ශාක හා සතුන්ගෙන් 75% ක් පමණ එම දිවයිනට හෝ මස්කාරීන් නමැති දූපත් සමූහයට ආවේණික ඒවා බවයි. මෙම විනාශය හමුවේ මෙම ජෛව සම්පත් නැත්තටම නැති විය. එනම් ලෝකයෙන් සදාකාලිකවම සමු ගත්තේය.

මුරුසි වෙරළ තෙල්වලින් වැසූ නෞකා අනතුර

යම් අනතුරක් වුවහොත් තෙල් කාන්දුවෙන් සිදුවන හානිය අවම කිරීම සඳහා අපේ රට පමණක් නොව කලාපයේ රටවල් ගණනාවක්ම අපට සහය ලබා දීමට සූදානම්ව සිටිනවා යයි අප ප්‍රවෘත්තිවලන් ඇසීමු. එවැන්නක් ඇසූ සැණින් අපට හැඟෙන්නේ අපට ලෙහෙසියෙන් සවලකින් හිම තට්ටුවක් හෝ මඩ තට්ටුවක් අයින් කරනවා මෙන් මුහුදු ජලය මත ඇති තෙල් තට්ටුවද අයින් කළ හැකි බවකි. එහෙත් මෙපමණ තාක්ෂණය දියුණු අද කාලයේ පවා මෙවැනි තෙල් පැල්ලමකින් සමුද්‍ර පරිසරයට එහි ජෛව විවිධත්වයට සිදුවන දැවැන්ත හානිය වැළැක්වීමට අදටත් ලෝකයා සමත්ව නැති බව බ්ලූම්බර්ග් වෙබ් අඩවිය සඳහන් කරයි.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

නවීන තාක්ෂණය අතිශය දියුණු සමයක වුවද තවමත් සාගරයට තෙල් කාන්දු වීම යනු කාර්මික අනතුරුවලින් සිදුවිය හැකි වඩාත් හානිකර ව්‍යසනයකි. එය විසඳීම සඳහා වේගවත් හා ඵලදායී ක්‍රමයක් සොයාගැනීමට අප තවමත් සිටින්නේ අරගලයක නියැළෙන තත්ත්වයකය.
අපට දැනට පවතින තෙල් කාන්දු පැල්ලම් ඉවත් කිරීමට ඇති තාක්ෂණයන් කවරේද යන්න පිළිබඳව දැන ගැනීම වැදගත්ය.

මේ දිනවල ශ්‍රී ලංකා මුහුදට බලපා ඇති වරින් වර ගිනිගන්නා නිව් ඩයමන්ඩ් තෙල් නැවෙන් පිටතට ගොස් ඇති තෙල් පැල්ලම

තෙල් විසිරුවා හැරීමේ රසායන දුව්‍ය (Dispersants) යෙදීම

ජපාන සමුද්‍ර සුරක්‍ෂිතතා සංගමයේ විධායක අධ්‍යක්ෂ නොබුහාරු කගාමි බ්ලූම්බර්ග් වෙත පවසන්නේ සාගර තෙල් කාන්දුවකදී විසුරුවා හැරීම යනු බහුලව භාවිතා වන පිරිසිදු කිරීමේ ක්‍රමය බවයි. තෙල් තට්ටුව කුඩා අණුවලට කඩන රසායන ද්‍රව්‍ය යොදන අතර එයින් එම තෙල් අංශු සාගරය පුරා විසිරී යයි. අවසානයේදී ස්වාභාවික බැක්ටීරියා සහ ක්ෂුද්‍ර ජීවීන් විසින් එය ක්‍රමානුකූලව කාබන් ඩයොක්සයිඩ් හා ජලය බවට පත්කරයි. විසුරුවා හැරීම යන්න සැළකෙන්නේ සමුද්‍රීය පරිසරයට අඩු විෂ සහිත බවක් ඇති ක්‍රමයක් ලෙස වුවත් කගාමි පැවසුවේ සාමාන්‍යයෙන් ඒවා පාරිසරික වශයෙන් අවදානමට ලක්විය හැකි ස්ථානවල භාවිතා නොකරන බවයි. බොහෝ නැව් අනතුරු සිදුවන වෙරළ ආසන්නයේ ඇති කාන්දුවීම් වලදී, රසායනික ද්‍රව්‍යයට ද පූර්ණ ලෙස ක්‍රියා කිරීමට කාලය නොමැති විය හැකි අතර තෙල් මෙන්ම මෙම රසායන ද්‍රව්‍යද පරිසර පද්ධතියට තවදුරටත් විනිවිද යමින් මුසුවීමේ ඉඩ ඇති බව පැවසේ.

තෙල් කාන්දුව යන්ත්‍ර මගින් ඉවත් කිරීම

බොහෝ විට තෙල් කාන්දු වීමකදී තෙල් ඉවත් කිරීමේ වේගවත් ක්‍රමය ලෙස සැළකෙන්නේ යන්ත්‍ර භාවිතයෙන් තෙල් කාන්දුව යථා තත්ත්වයට පත් කිරීම ය. නමුත් “තෙල් ස්ථායීකරණය කොට තාර බෝල බවට පත්වීමට පෙර එය ඉක්මණින් සිදුවිය යුත්තකි. මේ බව පවසන්නේ සාගර සහ වෙරළ පදනමේ විශේෂඥ කුනියාකි සාසාකි ය. 1997 ජපාන මුහුදේ නාකෝඩ්කා පිටාර ගැලීම ඇතුළු ප්‍රධාන අනතුරු.කිහිපයකදී තෙල් වෙරළට පැමිණීම වැළැක්වීම සඳහා බූම්ස් ද යොදා ගෙන ඇත.

නමුත් තෙල් උරා ගන්නා ටැංකි (vacuum tankers) මගින් තෙල්ඉවත් කිරීමේදී තෙල් පමණක් නොව සියල්ල ඉවත් කිරීම නිසා පරිසරයට හානිකර විය හැකිය. තෙල් ඉවත් කිරීමේ ක්‍රමවේදය ඵලදායී ලෙස තීරණය කළ හැකි වන්නේ හානිකර නොවන අර්බුද මතු නොවන සන්සුන් තත්වයන් තුළ පමණි.

වකාෂියෝ සිද්ධියේදී වෙරළ තීරයට පාෂාණ, වැලි, රොන්මඩ සහ කඩොලාන වැනි ප්‍රදේශ ද ඇතුළත් වූ නිසා කාන්දුව යථා තත්ත්වයට පත්වීම සංකීර්ණ වූ බව මුරුසියේ පිරිසිදු කිරීමේ මෙහෙයුම අධීක්ෂණය කරන එක් සංවිධානයක් වන ජාත්‍යන්තර තෙල් නැව් හිමිකරුවන්ගේ දූෂණ සම්මේලනයේ තාක්ෂණික අධ්‍යක්ෂ රිචඩ් ජොන්සන් පැවසීය.

තෙල් කන බැක්ටීරියා

ජෛවමිතිකකරණය (Bioremediation) යනු අති නවීන නවෝත්පාදනයකි, එය සොබාදහම පදනම් කරගත් ක්‍රමයක් වන අතර එය පරිසරවේදීන්ගේ අවධානය වැඩි වැඩියෙන් ලබාගත් එකකි. තෙල් කාන්දුවකදී මුහුදේ ජීවීන්ගේ ස්වාභාවික බලපෑම වේගවත් කිරීම ක්‍රමය අනුගමනය කරමින් තෙල් අනුභව කරන බැක්ටීරියා සාගරයට හා වෙරළට පොම්ප කිරීම මෙමගින් සිදුකෙරේ. විශේෂයෙන් උණුසුම්, නිවර්තන කලාපීය ජලයේ තෙල් දැනටමත් විසිරී ඇති විට එය ඉවත් කිරීමට ජෛවමිතිකකරණය උපකාරී වේ.
ජපානයේ ජාතික තාක්ෂණ හා ඇගයීම් ආයතනයේ කළමනාකරුවෙකු වන අට්සුෂි යමසෝ පැවසුවේ “තෙල් හායනය වන ක්ෂුද්‍ර ජීවීන්ගේ ක්‍රියාකාරිත්වය උෂ්ණත්වය, ඔක්සිජන් හෝ පොස්පරස් සහ නයිට්‍රජන් වැනි පෝෂ්‍ය පදාර්ථ වැනි පාරිසරික සාධක මගින් බලපාන බවයි.

නමුත් රෙසින සහ ඇස්ෆල්ටීන වැනි තෙල් සංඝටක පරිහානියට පත්කිරීමට බැක්ටීරියා එතරම් ඵලදායී නොවන අතර ඒවා පරිසර පද්ධතියටද හානි කළ හැකිය. බැක්ටීරියා වෙනත් සාගර ජීවීන්ට අවශ්‍ය ද්‍රාවිත ඔක්සිජන් භාවිතා කරයි. “බැක්ටීරියා සාගරයට විසුරුවා හැරීමට පෙර තවත් අත්හදා බැලීම් අවශ්‍ය වේ” යැයි යමසෝ පැවසීය.

තෙල් කාන්දු නොවන නෞකා නිපදවීම

තෙල් කාන්දුවලින් සමුද්‍ර දූෂණය මැඩපැවැත්වීම සඳහා නිර්මාණය කරන ලද විශාලතම නවෝත්පාදනයන්ගෙන් එකක් වන්නේ 1992 දී ජාත්‍යන්තර සමුද්‍රීය සංවිධානය විසින් නෞකාවල බඳ (Hull) ද්විත්ව ආකාරයෙන් සකසා තිබීම අනිවාර්ය කිරීමට තීරණය කිරීමයි. එමගින් පිටත වළල්ල හෝ ගල්පරයක් ගැටී සිදුරු වුවහොත් වැඩි ආරක්ෂාවක් ලබා දේ. එතැන් සිට රෙගුලාසි කිහිප වතාවක් දැඩි කර ඇති නමුත්, වකාෂියෝ වැනි සිදුවීමක පාරිසරික දූෂණය එමගින් වැළැක්විය නොහැක.

වෙරළාසන්නයෙන් නෞකා ගමන් කිරීම තහනම් කිරීම

වෙරළ තෙල් කාන්දු අවදානම අවම කර ගත හැකි එක් ඵලදායී ක්‍රමයක් නම් වෙරළාසන්නයට නැව් යාත්‍රා කිරීම තහනම් කිරීමයි. නැව පැටවීමට හෝ ගොඩබෑමට වරායට පැමිණිය යුතු නම් එය කළ නොහැකි නමුත් වකාෂියෝ චීනයේ සිට බ්‍රසීලයට සිංගප්පූරුව හරහා යාත්‍රා කරමින් සිටි අතර මුරුසිය අසල සිටීමට අවශ්‍ය නොවූ අවස්ථාවක වූ විපතකි.

ගැටලුව වන්නේ කාලය හා මුදල් ඉතිරි කර ගැනීමට අවශ්‍ය වීම නිසා නැව් හිමිකරුවන් කෙටිම මාර්ගයෙන් ගමන් කිරීමට තීරණය කිරීම සහ ජාත්‍යන්තර ගිවිසුම් මගින් ජාතික වෙරළ තීරයේ සිට සැතපුම් කිහිපයක් ඇතුළත වෙළඳ නැව් යාත්‍රා කිරීමට ඉඩ දීමයි.

තෙල් භාවිතය නැවැත්වීම

මේ අනුව බලන කල වඩාත් හොදම විසදුම වන්නේ නෞකා මගින් තෙල් ප්‍රවාහනය හා නැව් බලගැන්වීමට තෙල් භාවිත කිරීම යන දෙකම නවතා දැමීමයි. නෞකා සදහ තෙල් වෙනුවට දියර ස්වාභාවික ගෑස් භාවිතයට බොහෝ නෞකා හිමියන් නැඹුරු වන බවක් පෙනී යයි. මෙහිදී තෙල් වෙනුවට ජෛව මීතේන් භාවිතයට ගැනේ. කිසියම් අවස්ථාවකදී නැවකින් මෙම ගැස් කාන්දුවීමක් වුවහොත් එවැනි යාත්‍රාවලින් කාන්දු වන වායුව වාෂ්ප වී යයි. එහෙත් ඉන්ධන යනු තවමත් ගෝලීය උණුසුම් වීමට දායක වන සාධකයකි. කෙසේවෙතත් පුනර්ජනනීය බලශක්තියෙන් බල ගැන්වෙන විශාල නැව් සංවර්ධනය කිරීම තවමත් පවතින්නේ ළදරු අවධියේ ය.

“වාණිජමය භාවිතය සඳහා, විශේෂයෙන් දිගු දුරක් සඳහා තෙල් රහිත පිරිසිදු විදුලියෙන් ධාවනය වන නැව් ධාවනය කිරීම තවමත් දුෂ්කර ය,” මිට්සුයි ඕ.එස්.කේ හි ප්‍රධාන තාක්‍ෂණ නිලධාරි යසුමාසා සූට්සුගු පැවසීය. මිට්සුබිෂි කෝපරේෂන් සහ තවත් ජපාන සමාගම් පහක් විදුලියෙන් භාවිත වන නැව් සංවර්ධනය කිරීමට උත්සාහ කරයි. 2022 දී ටෝකියෝ බොක්ක තුළ ක්‍රියාත්මක විය හැකි ලිතියම් අයන බැටරි බලැති ටැංකියක් දියත් කිරීමට එමසමාගම් සමූහය බලාපොරොත්තු වේ

මේ අනුව බලන කල පෙනී යන්නේ මුහුදේ නැව් ගියාට පාරවල් සිටින්නේ නැතිවුණත් තෙල් කාන්දුවක් ආවෝතින් එය පිරිසිදු කිරීම සෙල්ලමක් නොවන බවය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පළමු විවාහ සංවත්සරය දා නාමල් පිය පදවිය ලබයි…

Next Post

ගිනිගත් නැවේ තෙල් කාන්දුව ඩීසල් ටැංකියකින්

Related Posts

පරිසරය

සුරංගනා ලෝකයට ගිය ගමනක්…

ඔක්තෝබර් 20, 2025
පරිසරය

දිය සොයාගෙන ගොස් තැන තැන මඩේ එරෙන වන අලි…

සැප්තැම්බර් 19, 2023
පරිසරය

සියක් අලි මරණ මැද සමරන ලෝක අලි දිනය…

අගෝස්තු 12, 2023

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.