අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පස් කන්දට යටවූ පුද්ගලයා සොයන්නට යෑමේ දි බැකෝ යන්ත්‍රයේ කුල්ලේ වැදී හිස කඳින් වෙන් වෙලා… කරාපිටියේ ඛේදවාචකය!

by editor
දෙසැම්බර් 10, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

ගාල්ල කරාපිටිය  නගරයේ අලුතින් ඉදිකරගෙන යනු ලබන සිව්මහල් ගොඩනැගිල්ලක පිටුපස පැතිබැම්මක් ඉදිකිරීම සඳහා කාණුවක් කපා එහි කමිබි කුරු අතුරමින් සිටි  පුද්ගලයින් සිව් දෙනෙකු පස් කණ්ඩියකට යටවිමෙන්  එක් අයෙකු  එම ස්ථානයේදිම මියගොස්  තවත් තිදෙනෙකු බරපතල තුවාල  ලබා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරිමේ සිද්ධිය මේ වනවිට ප්‍රදේශය කම්පා කර තිබේ.

මෙම සිද්ධිය වාර්තා වූයේ  ඊයේ (09) පස්වරුවේ දී ය.    පස් කණ්ඩියට යටවිමෙන් මියගොස් තිබුණේ පිටදුව ගමගේ ප්‍රසංග සංජිව (35) නැමති ඉමදුව වල්පොල ප්‍ දේශයේ පදිංචි විවාහකයෙකි. පස් කණ්ඩියට යටවි සිටි පුද්ගලයාගේ සිරුර ගොඩගැනිම සදහා විනාඩි 45ක් මෙහෙයුමක් දියත් කර තිබිණි. පස් කන්දට යටවී සිටි පුද්ගලයාගේ හිසත් කඳත් ගොඩ ගත්තේ වෙන වෙනමය. බැකෝ යන්ත්‍රයේ කුල්ලට හසුවිමෙන් එම පුද්ගලයාගේ  හිස කඳින් වෙන් වී තිබිණි.

පස් කණ්ඩියට යටවිමෙන් බරපතල තුවාල ලැබු තවත් පුද්ගලයෙකු දැඩි අසාධ්‍ය තත්තවයෙන් යුතුව කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රථිකාර ලබමින් ඇත.

අනික් පුද්ගලයින් දෙදෙනාගේ තත්ත්වය බරපතල නොවන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.  තුවාල ලැබුවන්ද ඉමදුව වල්පොළ ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.

කඩා  වැටිමට ලක්ව ඇති පස් කණ්ඩියේ දිග අඩි 40ක් පමණය.    උස අඩි 10කි.    අනතුරට ලක්වු  පුද්ගලයින්  විසින් මෙම කඳුගැටයට මායිම්වන සේ  ආරක්ෂිත පැති බැම්මක් ඉදිකිරීම සදහා අඩි තුනක පමණ කාණුවක් කපා තිබිණි.  ඉන්පසු මෙම සේවකයින් විසින් මෙම කාණුව මත කම්බිකූරු අතුරමින් සිටියදි  එකවරම පස් කණ්ඩියේ කොටසක් ඔවුන් මතට කඩා වැටී තිබිණි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

එයට  කාණුවේ කම්බි බැදමින් සිටි සේවකයින් දෙදෙනෙකු යටවි වූයේය. ඔවුන් දෙදෙනාගෙන් එක් අයෙකු සම්පුරණයෙන්ම පස් කණ්ඩියට  යටවී නොපෙනී ගියේය. අනික් පුද්ගලයාගේ ගෙල පෙනෙන තෙක් පස්වලට යටවි තිබිණි.

ඒ සමගම පස් කණ්ඩියේ අනික් කොටසද කඩාවැටිමෙන් සේවකයින් දෙදෙනෙකු  අනතුරට ලක්වූයේය.  ඔවුන් දෙදෙනා දිවගොස් දිවි බේරාගත්හ. විනාඩි 45ක පමණ මෙහෙයුමකින් පසුව  පස් කන්දට සම්පුර්ණයෙන්ම යටවී සිටි පුද්ගලයාගේ සිරුරු සොයාගෙන ඇත. බැකෝ යන්ත්‍රයක් මගින්  පස් ඉවත්කොට මොහුගේ සිරුර සොයාගෙන තිබිණි.

මෙම සිද්ධියවන අවස්ථාවේ  මෙම වැඩබිමේ සේවකයින් 06  දෙනෙකු පමණ වැඩකරමින් සිට ඇත.  පස් කණ්ඩිය කඩා වැටිමෙන් සිව් දෙනෙකු අනතුරට ලක්ව  ඇති අතර මියගිය පුද්ගලයාගේ හදිසි මරණ පරික්ෂණය අද (10) ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දි පැවැත්විමට නියමිතව තිබුණි.

මෙකි ආරක්ෂිත පැති බැම්ම ඉදිකිරිම සඳහා   කොන්ත්‍රාත්තුව ලබාගත් කොන්ත්‍රාත්කරු ද මෙම සිද්ධියෙන් පසු  සිහිසුන්ව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ 58 වාට්ටුවට ඇතුලත්කොට තිබුණි. ඔහු මෙම සිද්ධියෙන් පසු මානසිකව ආතතියට ලක්ව ඇති බැව් පොලිසිය පවසයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

විදුලිබල පනත් කෙටුම්පත මාරාන්තිකයි… එය විදුලිබල ක්ෂේත්‍රයේ කණගාටු දායක අවසානය තීන්දු කරනු ඇති… විදුලි ඉංජිනේරු සංගමය කියයි!

Next Post

දුර්ලභ වාලම්පුරියක් බව කියා හක් බෙල්ලෙක් විකුණන්න ගිය 03ක් අත් අඩංගුවට…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.