හැටන් රංජිත් රාජපක්ෂ –
නිවසක අලුතින් ඉදි කිරිමට නියමිත බැම්මක් සදහා අත්තිවාරමක් කපමින් සිටි පුද්ගලයෙකු මතට පස් කන්දක් කඩා වැටිමෙන් (02) දින එම පුද්ගලයා ජිවිතක්ෂයට පත් වි ඇති බව නාවලපිටිය පොලිසිය පැවසිය.
මෙසේ පස් කන්ද කඩා වැටිමෙන් ජිවිතක්ෂයට පත් වි ඇත්තේ නාවලපිටිය වෙරළුගස්හින්න ප්‍රදේශයේ පදිංචි විමල් ජයසිරි නැමති (62) හැවිරිදි තිදරු පියයි.
ජිවිතක්ෂයට පත් පුද්ගලයා කුලි රැකියාවේ නිරත වන පුද්ගලයෙකු බවත්, (02) දින නාවලපිටිය මහ වතුර ප්‍රදේශයේ නිවසක අලුතින් ඉදි කිරිමට නියමිත බැම්මක අත්තිවාරම කපමින් සිටියදි නාවලපිටිය ප්‍රදේශයේ පැවති අයහපත් කාලගුණයත් සමග පස් කන්ද කඩා වැටිමෙන් ජිවිතක්ෂයට පත් වි ඇති බවත් පොලිසිය කියයි.
පස් කන්දට යට වු පුද්ගලයා ප්‍රදේශවාසින් එක්ව නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත රැගෙන යනවිටත් ජිවිතක්ෂයට පත් වි සිටි බව පොලිසිය පැවසිය.
ජිවිතක්ෂයට පත් තිදරු පියාගේ සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කර ඇත.