ලුණුගල සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබියදී පසුගිය මාර්තු 20 වැනිදා ජීවිත 15ක අහිමි කරමින් පෙරළුණු බස් රථය පැදවූ රියදුරා අන් පුද්ගලයන්ට අයත් රියදුරු බලපත්‍ර පහක් භාවිත කර ඇති බවට විමර්ශණවලදී හෙළි වී ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
එමෙන්ම ඔහු විසින් දක්වා ඇති නොසැලකිලිමත් බව මත ඔහුට එරෙහිව මනුෂ්‍ය ඝාතන සිදු කිරීමේ අපරාධ චෝදනා යටතේ නඩු ගොනු කිරීමට පොලිසිය පියවර ගෙන ඇත.
මෙම රියදුරා වරින් වර විවිධ පුද්ගලයන්ට අයත් රියදුරු බලපත් භාවිත කර ඇති අතර මාර්ග නීති කැඩීම අපරීක්ෂාකාරීය ධාවනය සම්බන්ධයෙන් මෙම රියදුරු බලපත් මත දඩවලට ලක්විමද සිදුව ඇති බව වාර්තා වේ.
මෙම බස් රථය ලුණුගල මාර්ගයේ 13 කණුව අසළදී පසුගිය මාර්තු මස 20 වැනිදා පෙරළුනු අතර එයින් ජීවිත 15ක් අහිමි වු අතර තවත් ගණනාවක් තුවාල ලැබූහ.