සමාජ මාධ්‍ය ඔස්සේ ජනාධිපතිවරයා විවේචනය කළ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සේවිකාවන් දෙදෙනකු සම්බන්ධයෙන් විනය පරීක්ෂණ පවත්වන ලෙස වාහන නියාමනය, බස් රථ ප්‍රවාහන සේවා සහ දුම්රිය මැදිරි සහ මෝටර් රථ ප්‍රවාහන කර්මාන්ත රාජ්‍ය අමාත්‍යංශය මඟින් ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ බලධාරීන් වෙත නියෝග කර ඇත.
රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම අමාත්‍යවරයාගේ උපදෙස් මත මීට අදාළ විනය පියවර ගන්නා ලෙස එම අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරියක විසින් අදාළ නියෝගය සිදු කොට ඇති බව වාර්තා වේ.
මේ අනුව මෙම සේවිකාවන් දෙදෙනා මේ වනවිට විනය පරීක්ෂණයකට යොමු කොට ඇති අතර ඔවුන් මෙම පරීක්ෂණය සිදුවන තෙක් නුගේගොඩ පිහිටි ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ ප්‍රධාන කාර්යාලයට මාරු කිරීමට කටයුතු කර ඇත.
මේ පිළිබඳව ලංකාසර රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගමගෙන්ද විමසූ අතර ඔහු සඳහන් කර සිටියේ අදාළ නිලධාරීන් දෙදෙනා එම ආයතනයේ තනතුරු දරන දෙදෙනකු බවත් ආයතන සංග්‍රහය යටතේ රජය ප්‍රසිද්ධියේ විවේචනය කිරීමට ඔවුන්ට ඉඩකඩක් නැති බවය. එබැවින් ඔවුන් සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් පවත්වා අදාළ ආයතන සංග්‍රහ රෙගුලාසි කඩවීමක් ඔවුන් විසින් සිදු කර ඇත්ද යන්න පිළිබඳව සොයා බැලීමට අමාත්‍යංශය කටයුතු කරන බව පැවසීය.
එසේ වුවද සමාජ මාධ්‍යවල පළවන ආකාරයෙන් ඔවුන්ට දඬුවම් කිරීමක් හෝ සේවයෙන් පහ කිරීමක් සම්බන්ධයෙන් කිසිදු පියවරක් ගෙන නොමැති බවත් එසේ ඉවත් කරන්නේ නම් අමාත්‍යංශ ලේකම්වරයාට හෝ ප්‍රවාහන වෛද්‍ය ආයතන සභාපතිවරයාට එය කළ හැකිව තිබු බවද සඳහන් කළේය.
ඒ අනුව මෙම විනය පරික්ෂණය අවසන් වන තෙක් ඔවුන් ප්‍රධාන කාර්යාලයට තාවකාලිකව අනුයුක්ත කළ බවද අමාත්‍ය අමුණුගම ලංකාසරට පැවසීය.