සමන්තිකා වීරවර්ධන –
පෞද්ගලික රසායනාගාරයන්ගෙන් සිදුකරන පීසීආර් පරික්ෂණයන් සම්බන්ධයෙන් නිවැරදි දත්තයන් සෞඛ්‍යය අංශ වෙත වාර්තා නොවන බැවින් ඇතැම් ආසාදිත රෝගීන් නිවෙස් තුළ රහසේ රැඳී ඉන්නා ක්‍රමවේදයක් නිර්මාණය වි ඇතැයි මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය කියයි.
රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතනයන්ගේ සැක සහිත රෝග ලක්ෂණ පවතින පුද්ගලයින් පෞද්ගලික රසායනාගාරයන් මගින් පරික්ෂණ සිදුකර ගන්නා නමුත් ඒ පිලිබඳව සෞඛ්‍ය අංශයන්ට කිසිදු දැනුම් දීමක් නොකරන බව ඔහු පෙන්වාදේ,
මේ වන විට බස්නාහිර , උතුර , නැගෙනහිර සහ වයඹ පළාත්වන රෝගීන්ගේ වැඩි වීමක් පෙන්නුම් කරන බැවින් අවුරුදු නිවාඩුවෙන් පසුව රැකිරක්ෂා සඳහා සහ පාසල් සඳහා පිටව යන සියලුම දෙනා සෞඛ්‍ය උපදෙස් අකුරටම පිළි නොපදින්නේ නම් ඉදිරි දිනවලදී බරපතල තත්ත්වයන් නිර්මාණය විය හැකියැයි ඔහු කියයි.