පෙබරවාරියේදී මියන්මාර නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකික ධීවරයින් 12 දෙනෙකු නිදහස් කර ඇති බව මියන්මාරයේ ශ්‍රී ලාංකා තානාපතිවරයා පැවසීය.
පසුගිය පෙබරවාරි 11 වන දින මෙම ධීවරයින් පිරිස අත්අඩංගුවට ගත් අතර මියන්මාර මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළු වීම, එම ජලයේ මසුන් ඇල්ලීම, නාවික නියෝගවලට අකීකරු වීම සහ රට තුළට ඇතුළු වීම යන චෝදනා යටතේ ඔවුන්ට එරෙහිව චෝදනා ගොනු කරන ලදී.
ධීවර බෝට්ටුවේ කපිතාන්වරුන් දෙදෙනාට වසර 5 යි මාස 6 ක සිර දඬුවමක් ද අනෙක් ධීවරයින් 10 දෙනාට වසර 3 යි මාස 6 ක සිර දඬුවමක් ද මියන්මාර් අධිකරනය විසින් නියම කර තිබිණි. මීට අමතරව ඔවුන්ට දඩ ද නියම කර තිබිණි. ධීවර කණ්ඩායම මියන්මාරයේ පතන් බන්ධනාගාරයේ රඳවා සිටියහ.
මීට පෙර මියන්මාරයේ ශ්‍රී ලාංකික තානාපතිවරයා ශ්‍රී ලංකා ධීවරයින් නිදහස් කර ගැනීම සඳහා රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීමක් ඉල්ලා සිටියේය.