සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පසට හානිවන කිසිම පොහොරක් රටට ගේන්න කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ඉඩ දෙන්නෙ නෑ…

කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා රටට පොරොන්දු වෙයි ...

by editor
සැප්තැම්බර් 19, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

මෙරට ජෛව විවිධත්වයට හා පසට අහිතකර කිසිදු පොහොර වර්ගයක් ආනයනය කිරීමට කෘෂිකර්ම දෙපාර්තුමේන්තුව කිසිදු අවස්ථාවක කටයුතු නොකරන බව වගකීමෙන් යුතුව ප්‍රකාශ කරන්නේ යැයි කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා  පවසයි.

මේ වන විට කාබනික පොහොර සාම්පල මිස පොහොර තොග කිසිවක් මෙරටට ගෙනැවිත් නොමැති බවත් සාම්පල පරීක්ෂා කිරීමෙන් අනතුරුව වුවත් පොහොර තොග රටට ගොඩ බෑමට අවසර ලබාදීම සිදු කෙරෙන්නේ යළි පරීක්ෂා කිරීමකින් අනතුරුව බවත්   ඔහු සහතික වුනේය.

මහනුවර ගන්නෝරුවේදී අද  (19) මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ආචාර්ය අජන්ත ද සිල්වා මේ බව ප්‍රකාශ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙසේද පැවසුවේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

 “මේතාක් කාබනික පොහොර විශාල තොග රටට ඇවිත් නැහැ. පරීක්ෂා කිරීම සඳහා සාම්පල් විතරයි ඇවිත් තිබෙන්නේ. අදාළ රටේ සිදුකළ පරීක්ෂාවකින් පසු නිකුක් කරන සහතිය සමඟ වුවත්   අපේ රටේදී ඒවා නැවත පරීක්ෂාවකට ලක්කරනවා. ඉන්පසුව තමයි නැව් වලින් ගොඩ බෑමට අවසර දෙන්නේ. “

 නීතියට පිටින් කිසිදෙයක් වෙන්නෙ නෑ..

“ ආනයනය කිරීම සැළසුම් කර තිබෙන පොහොර සම්බන්ධව මේ වන විට යම් යම් විවේචන එල්ල වෙනවා. 1999 අංක 35 දරන ශාඛ ආරක්ෂණ පනත යටතේ ලංකාවට ව්‍යාධිජනක ක්ෂුද්‍ර ජීවීන් ගෙන ඒමට කිසිදු අවකාශයක් නැහැ. එවැනි දෙයක් ඇති නොවන්න සියලුම ක්‍රමවේද සකස් කර තිබෙනවා. මුහුදු මාර්ගයෙන් හෝ ගුවන් මගින් කෙසේ ගෙනාවත් පරීක්ෂණයට ලක්වෙනවා. ශාඛ නිරෝධායන ආයතනය පිහිටා තිබෙන්නේ මේ කාර්යය සඳහායි.

පනතේ විධි විධාන අනුව ශාඛමය සම්භවයක් තිබෙනවා නම් හෝ ව්‍යාධිජනක තිබෙනවා නම් පරීක්ෂණ වලදී හඳුනාගත හැකියි. ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශය මගින් නිකුත් කර තිබෙන ප්‍රමිතීන්ට අනුකූල වෙන අයුරින් තමයි තමයි කාබනික පොහොර ගේන්න පුළුවන්. එහිදී කෙරෙන එක පරීක්ෂණයක් තමයි කටුනායක ශාඛ නිරෝධායන මධ්‍යස්ථානයේදී කෙරෙන පරීක්ෂණය. ව්‍යාධිජනක බැක්ටීරියා හා ක්ෂුද්‍ර ජීවීන් මෙහි අඩංගු වෙනවාද කියන එක එතනදී බලනවා. මේ තුළින් අපේක්ෂා කරන්නේ යම් කිසි ව්‍යාධිජනක බැක්ටීරියා හා ක්ෂුද්‍ර ජීවීන් ලංකාවට එන එක වලක්වා ගැනීමයි.

අපි මේ ගෙන එන පොහොර වල නයිට්‍රජන්,පොස්පරස් හා පොටෑසියම් තත්ත්වය පිළිබඳ සොයා බැලීම තවත් විද්‍යාගාරකදී සිදු කරනවා. අනෙක් පැත්තෙන් විකිරණශීලි ද්‍රව්‍ය අඩංගු වෙනවාද කියන එක පරාමාණු බලශක්ති අධිකාරිය හරහා සොයා බලනවා. මේ විදිහට හැම දේම බලලා තමයි පොහොර ගෙන ඒම කරන්නේ. අපි එතනදී පරීක්ෂාවට භාජනය කරන්නේ මේවායින් රටට හානිකර තත්ත්වයක් ඇතිවෙනවා නම් ඒක වලක්වා ගැනීමයි.

බතලේගොඩ සිද්ධිය

ඒ වගේම එල්ලවන තවත් චෝදනාවක් තමයි ලංකාවට ගෙන ඒමට නියමිත පොහොර වර්ගවල යම්කිසි කුඩා සාම්පලයක් බතලගොඩ පර්යේෂණාගාරය වෙත ගෙනහිල්ලා තිබෙනවා කියලා.ඇත්තටම කෘෂිකර්ම දෙපාර්තුමේන්තුව තාක්ෂණික දෙපාර්තුමේන්තුවක්. මේවාහි නයිට්‍රජන්, පොටෑසියම් හා පොස්පරස් සමබන්ධ පරීක්ෂණ විද්‍යාගාරයදී සිදු කරන්න අපිට සිදු වෙනවා. මේපොහොර වර්ග මගින් ශාඛවලට කුමන ආකාරයේ බලපෑමක් තිබෙනවාද කියලා බලන්න ඕන. මේ පොහොර ශාඛ වලට උරා ගන්න පුළුවන්ද කියන කාරණය තහවුරු කර ගන්න ඕන. අනික ඒවායින් පලදාවට යහපත් බලපෑමක් කරනවාද කියන කාරණය තහවුරුකර ගැනීමත් වැදගත්. පාලිත තත්ත්ව යටතේ තමයි පරීක්ෂණ කරන්නේ. ඒවා පසට එකතු කර අවදානම් තත්ත්වයක් ඇතිකරන්න දෙපාර්තමේන්තුව කටයුතු කර නැහැ.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ආණ්ඩුව ධර්මපාලතුමාගෙ 157වැනි ජන්ම දිනය සැමරුවෙ අරක්කු වලින්… මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ කියති.

Next Post

අද කොවිඩ් මරණ 103යි…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.