මාලදිවයින් රජයේ ආරක්ෂාව සහිතව පසුවන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ දින කිහිපයක් එරට දිවයිනක ගත කිරීමෙන් අනතුරුව එක්සත් අරාබි එමීර් රාජ්‍යය බලා පිටත් වීමේ සූදානමක් පවතින බවත් අදාල රාජ්‍ය තාන්ත්‍රික කටයුතු මේ වනවිට සිදුවෙමින් පවතින බවත් රාජ්‍ය තාන්ත්‍රික අරංචි මාර්ගයක් ලංකාසරට පුකාශ කළේය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බිරිය ඇතුළු සිව් දෙනා රැගත් ශ්‍රි ලංකා ගුවන් හමුදා යානය මාලදිවයිනේ වෙලනා ගුවන් නොටුපළට ගොඩබැස්සවීම මුලින් එරට රජයේ බලධාරීන් විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ ඇති බව රාජ්‍ය තාන්ත්‍රික අරංචි මාර්ග සඳහන් කරයි.
කෙසේ වුවද එරට කථානායක සහ හිටපු ජනාධිපති මොහොමඩ් නසීඩ් ගේ මැදිහත් වීම මත මාලදිවයින් ජනාධිපතිවරයා හරහා එරට බලධාරීන්ට මෙම ගුවන් යානය ගොඩ බැස්සවීමට අවසර ලබා දෙන ලෙස ඉල්ලා තිබේ.
ජනාධිපතිවරයාට මාලදිවයින් රාජ්‍ය ආරක්ෂාව ලබා දෙන ලෙස නසීඩ් කථානායකවරයා විසින් බලපෑම් කරනු ලැබ ඇති බවද එම ආරංචි මාර්ග සඳහන් කරයි.
ජනාධිතිවරයා ඇමෙරිකාව බලා යාමට වීසා අපේකෂා කළද ඇමෙරිකානු ආගමන විගමන බලධාරීන් වීසා ප්‍රතික්ෂේප කිරීම මත ඩුබායි රාජ්‍යයෙන් පසුව ඔහු ගේ ගමනාන්තය පිළිබඳව මෙතක් අනාවරණය වන්නේ නැත.
නිල නොවන ආරංචි මාර්ග අනුව ජනාධිපතිවරයා මාලදිවයිනේ ප්‍රකට Soneva Fushi දූපතේ මේ දින කීපය ගත කරනු ඇත.







