පල්ලේකැලේ එළිමහන් සිරකඳවුරෙන් පළායාමට උත්සහ කළ රැඳවූවකු මහවැලි ගං දියේ ගිලී අතුරුදන්ව තිබේ.
බන්ධනාගාරයේ වගා අංශයේ කටයුතු සඳහා යොදවා සිටි අදාළ පුද්ගලයා ඉන් මිදී මහවැලි ගඟට පැන පළායාමට උත්සාහ කර ඇති බව පොලිස් මුලස්ථානය පවසයි.
පොලිසිය සඳහන් කර සිටින්නේ අතුරුදන් වු 36 හැවිරිදි පුද්ගලයා අයිස් මත්ද්‍රව්‍ය ළඟතබා ගැනීමේ චෝදනාව මත මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයේ විභාග වූ නඩුවකින් වරදකරු වී මාස තුනකට බන්ධනාගාර ගත කර සිටි අයකු බවයි.
අතුරුදන් වු සිරකරුවා සොයා නාවික හමුදා කිමිදුම්කරුවන් මහවැලි ගඟේ මෙහෙයුම් ආරම්භ කර ඇත.
මෙම රැඳවියා බොරැල්ල සීවලී පටුමගේ පදිංචිකරුවකු බව පොලිසිය කියා සිටියේයෙ.







