පල්ලේකැලේ මහමෙව්නා භාවනා මධ්‍යස්ථානයේ දාගැබ් ගර්භයේ තැන්පත් කර තිබූ ලීවලින් කළ කුඩා චෛත්‍යයේ චූඩාමාණික්‍යය සොරකම් කරගෙන ඇතැයි විහාරාධිපති නාලන්දේ තවර හිමියන් විසින් පල්ලේකැලේ පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
ඊයේ (28) සවස 02ට පමණ මෙම පැමිණිල්ල ඉදිරිපත් වී ඇත.
චෛත්‍යයේ හතරැස් කොටුව හැඩ කළ පිත්තල වලින් නිමවා තිබු කොටස් ද සොරුන් විසින් ගලවාගෙන ගොස් ඇතැයි වාර්තා වේ.
සොරකම් කරන ලද ද්‍රව්‍යවල වටිනා රුපියල් 75000/= ක් පමණ විය හැකි බවද පැමිණිල්ලේ සටහන් වී ඇත.
පල්ලේකලේ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.