කූඨ ලේඛණ සකස් කිරීම සහ කූඨ ලේඛණ ඉදිරිපත් කරමින් මුදල් වංචා කිරීම පිළිබඳ චෝදනා මත අත්අඩංගුවට ගත් මාලිගාවත්ත ප්‍රදේශයේ ජීවත් වූ 72 හැවිරිදි පුද්ගලයෙක් සන්තකයේ තිබී ව්‍යාජ නිල මුද්‍රා 300කට ආසන්න ප්‍රමාණයක්, රියදුරු බලපත්‍ර 11ක්, ජාතික හැඳුනුම්පත් 04ක් සහ විදේශ ගමන් බලපත්‍රයක් සොයා ගැනීමට කොළඹ වංචා විමර්ශන කාර්යාලයේ නිලධාරීන්ට හැකි වී තිබේ.
මෙම පුද්ගලයා විසින් ව්‍යාජ ඔප්පු ඉදිරිපත් කර ඉඩම් දෙකක් පවරා ගැනීමේ සිද්ධියක් සහ ව්‍යාජ ඔප්පුවක් ඉදිරිපත් කර රුපියල් ලක්ෂ 15ක් වංචා කිරීමේ චෝදනාව පිට කොළඹ වංචා විමර්ශන කාර්යාලය විසින් අත් අඩංගුවට ගනු ලැබුවේ පෙරේදා (27) ය.
අත් අඩංගුවට ගත් පුද්ගලයාගේ නිවස පරීක්ෂා කරද්දී විවිධ පොලිස් ස්ථාන, අධිකරණ, රෝහල්, ප්‍රාදේශීය ලේකම් කාර්යාල,විවිධ පාසල්, බන්ධනාගාර, විවිධ බැංකු, තක්සේරු දෙපාර්තමේන්තුව, ආදායම් බදු දෙපාර්තමේන්තුව, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා ගමනා ගමන මණඩලය, විවිධ විදුහල්පතිවරුන්, ඉඩම් රෙජිස්ට්‍රාවරුන්, විවාහ රෙජිස්ට්‍රාවරුන්, ග්‍රාම නිලධාරීන්, වෛද්‍යවරුන්, දුම්රිය සේවය ඇතුළු විශාල ක්ෂේත්‍රයක් ආවරණය කරන ව්‍යාජ නිල මුද්‍රා 300කට ආස්නන ප්‍රමාණයක් සහ හැඳුනුම්පත්, ගුවන් ගමන් බලපත්, රියදුරු බලපත් සොයා ගැනීමට විමර්ශකයින්ට හැකි වී ඇත.
72 හැවිරිදි සැකකරු ඊයේ (28) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත යොමුකළ පසු ලබන 09 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
කොළඹ වංචා විමර්ශන කාර්යාල වැඩිදුර පරීක්ෂණ පවත්වයි.