මාතර වෙරළ උද්‍යානයට ආසන්නයේ පිහිටි පරවි දූපත වෙත ප්‍රවේශ වීම සඳහා නව පාලමක් ඉදිකිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඊයේ (04) මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ආර්.ඩබ්ලිව්.ආර්. පේමසිරි, වෙත උපදෙස් ලබා දී ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
පරවි දූපත වෙත යන මෙම පාලම දිගු කලක් තිස්සේ අබලන් තත්ත්වයක පැවතිණි.
පෙරවරුවේ පාලම කඩා වැටී ඇති බවත් ඒ නිසා කිසිවෙකුට පරවි දූපතට ඇතුළු විය නොහැකි බවත් ඕමාරේ කස්සප හිමියන් ඊයේ (04) ජනාධිපතිවරයාට දන්වා තිබේ.
පරවි දූපත සියම් මහා නිකායේ ශ්‍රී රෝහණ පාර්ශ්වයේ උපෝසථාගාරය පිහිටි දිවයින ජනප්‍රිය සංචාරක ආකර්ෂණ ස්ථානයකි.
ඉදිකිරීම් කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා රාජ්‍ය සංවර්ධන සහ ඉදිකිරීම් සංස්ථාවේ නිලධාරීන් අද (05) පෙරවරුවේ එම ස්ථානයට පැමිණීමට නියමිත අතර පාලමේ ඉදිකිරීම් මාස 6ක් ඇතුළත අවසන් කිරීමට බලාපොරොත්තු වන බව මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම්වරයා පැවසීය.







