මහනුවර ශාන්ත සිල්වෙස්ටර් විදුහලේ විදුහල්පතිවරයා නෛතික පදනමකින් තොරව ළමුන් 184ක් ඇතුළත් කරගැනීම සහ නෛතික පදනම මත ළමුන් ඇතුළත් කරගැනීමේ දී රුපියල් ලක්ෂ ගණනින් මුදල් ලබා ගැනීම යන චෝදනා මත පැවැත්වෙන විනය පරීක්ෂණකට යටත්ව විදුහල්පති ධූරයෙන් ඉවත් කර වහාම ක්‍රියාත්මකවන පරිදි පළාත් අධ්‍යාපන කාර්යාලයට මාරු කර යවා තිබේ.
විදුහල්පතිවරයා විසින් ළමුන් 184ක් කිසිදු තාර්කික පදනමකින් තොරව ඇතුළත් කරගෙන ඇති බව ද දොඩම්වල ජනාධිපති ආදර්ශ ප්‍රාථමික විදුහලේ සිසුන් සිවු දෙනෙක් ඇතුළත් කරගැනීමේ දී මුදල් ලබාගෙන ඇති බව ද පැමිණිලි ලෙස ලැබී ඇති බවත්, මේ වනවිට ඒ සම්බන්ධ පුලුල් පරීක්ෂණයක් සිදුකරන බවත් මධ්‍යම පළාත් ආණඩුකාර නීතිඥ ලලිත් යූ ගමගේ අද (25) මාධ්‍ය කළ විමසීමක දී පැවසුවේය.
විදුහල්පතිවරයා විදුහලේ කටයුතු කරමින් සිටිය දී ඔහු සම්බන්ධව විනය පරීක්ෂණ පැවැත්වීම සහ අදාල කාරණා පිළිබඳ විමර්ශනය කිරීම අපහසුවන බැවින් ඔහු වහාම මහනුවර කලාප අධ්‍යාපන කාර්යාලය වෙත මාරුකර යැවූ බවද ආණ්ඩුකාරවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.