පකිස්තානයේ වයඹදිග පෙෂාවර් නගරයේ අධි ආරක්‍ෂිත කලාපය තුළ ඊයේ (30) දහවල් යාඥාවන් අතරතුර බැතිමතුන්ගෙන් පිරී ඉතිරී ගිය පල්ලියක් තුළ තලේබාන් මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු එල්ල කළ ප්‍රහාරයෙන් අවම වශයෙන් පුද්ගලයින් 63 දෙනෙකු මිය ගොස් තවත් 157 ක් තුවාල ලබා ඇතැයි සෞඛ්‍ය නිලධාරීහු පවසති.
ප්‍රහායෙන් වැඩිපුරම තුවාල ලබා ඇත්තේ පොලිස් නිලධාරීන් බව සෞඛ්‍ය අංශ කියයි.
බැතිමතුන් යාඥා කරමින් සිටියදී ඊයේ පස්වරු 1.40 ට පමණ පල්ලිය තුළ මෙම පිපිරීම සිදු විය. මෙම අවස්ථාවේ යාඥා කරමින් සිටි පිරිස අතර වැඩිදෙනෙක් පොලිසියේ, යුද හමුදාවේ සහ බෝම්බ නිශ්ක්‍රීය අංශයේ නිලධාරීන් බව විදේශ පුවත් ඒජන්සි පවසයි.
සිය දිවි නසා ගත් බෝම්බකරු සිට ඇත්තේ ඉදිරි පේළියේය.
පෙෂාවර් පොලිසිය තුවාලකරුවන් 38 දෙනෙකුගේ ලැයිස්තුවක් නිකුත් කර තිබේ. තුවාලකරුවන් අතර වැඩිපුරම සිටියේ පොලිස් නිලධාරීන්ය.
මෙම මරාගෙන මැරෙන ප්‍රහාරය පසුගිය අගෝස්තුවේ ඇෆ්ගනිස්ථානයේදී ඝාතනයට ලක්වූ තම සොහොයුරා වන පකිස්ථානයේ ටෙහෙරීක්-ඊ-තලෙයිබාන් සංවිධානයේ අණ දෙන නිලධාරී උමාර් කාලිඩ් කුරාසානිගේ ජීවිතය වෙනුවෙන් පළිගැනීමේ ප්‍රහාරයේ කොටසක් බව ඔහුගේ සහෝදරයෙක් ප්‍රකාශ කර ඇත.
පකිස්තාන පකිස්ථානයේ ටෙහෙරීක්-ඊ-තලෙයිබාන් ත්‍රස්තවාදී සංවිධානය ආරක්ෂක නිලධාරීන් ඉලක්ක කර ගනිමින් මරාගෙන මැරෙන ප්‍රහාර ගණනාවක් මීට පෙරද සිදු කර ඇත.
මුස්ලිම් පල්ලිය ආසන්නයේ පිහිටි පෙෂාවර් පොලිස් අධිකාරී (විමර්ශන), ෂාසාඩ් කෞකාබ් මාධ්‍ය වෙත පැවසුවේ ඔහු යාඥා කිරීමට පල්ලියට ඇතුළු වූ විට පිපිරීම සිදු වූ බවයි.
ප්‍රහාරයෙන් වාසනාවකට දිවි ගලවා ගත් බව ඔහු පැවසීය.
ස්කයි නිව්ස් ප්‍රහාරය වාර්තා කළ ආකාරය…