පාසල් දරුවන් මුහුණ දෙන මාර්ග අනතුරු වළක්වා ගැනීමට ගත යුතු සාධනීය ක්‍රියාමාර්ග ඇතුළත් ජාතික වැඩපිළිවෙළක් සම්බන්ධව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය විසින් ඉදිරිපත් කර ඇති යෝජනාව පිළිබඳව එම සංගමයේ සභාපති මහාචාර්ය සමත් ධර්මරත්න ප්‍රමුඛ සංගමයේ අනතුරු වළක්වා ගැනීමේ විද්වත් කමිටුව අද (31) පස්වරුවේ අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්ත විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව ඇත.
වයස අවුරුදු 15 -20 වයස් ඛාණ්ඩයේ සිදුවන මරණවලට ප්‍රධානම හේතුව මාර්ග අනතුරු බවත්, මෙසේ මරණයට පත් වන වයස්ට ඇතුළත් වන්නේ ඛාණ්ඩය පාසල් දරුවන් බවත් මෙහිදී දැඩි අවධානයට ලක් වී තිබේ.
එමෙන්ම ලංකාවේ ඇති අනාරක්ෂිතම ප්‍රවාහන සේවාවලින් ප්‍රමුඛතම ප්‍රවාහන සේවය පාසල් දරුවන් ප්‍රවාහන සේවය බව ද විද්වත් කමිටුවේ අවධානයට ලක් වී තිබේ. අබලන් වාහනවල වියපත් රියදුරන් විසින් සිදුකරන ප්‍රවාහන සේවා මෙන්ම ත්‍රි රෝද රථවල විශාල දරුපිරිසක් පටවාගෙන කෙරෙන අනාරක්ෂිත ප්‍රවාහන සේවා වළක්වා ජාතික අනුමිතීන් යටතේ විධිමත් නියාමනයක් සහිත පාසල් ප්‍රවාහන සේවාවක් සැලසුම් කිරීමට ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය යෝජනා කර ඇත.
පාසල් අධ්‍යාපන චාරිකා සැලසුම් කිරීමේ දී ගමන් කරනු ලබන දුර ප්‍රමාණය සීමා නොකර වාහනවල තත්ත්වය සහ රියදුරුගේ වෘත්තීය ප්‍රමිතිය පිළිබඳ අවධානය යොමු කරමින් සිදුකළ හැකි වැඩපිළිවෙළක් මෙහිදී අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
පොදුවේ අනතුරු වළක්වා ගැනීමේ කුසලතා සහ පරිචය ඇතිකරන සංස්කෘතියක් ඇති කිරීමට පාසල් අවධියේ සිට දරුවන්ගේ ආකල්ප හා කුසලතා වර්ධනය කිරීමේ වැඩපිළිවෙළක් ද ඔවුන් යෝජනා කර ඇත.