පසුගිය ආණ්ඩුවේ සිට ස්වාධීන වූ දේශපාලන පක්ෂ 10 පිහිටුවීමට යන නව සන්ධානයේ නායකත්වය විමල් වීරවංශයට ලබා දීමට පක්ෂ 10 එකඟත්වය පල කර ඇත.
නව සන්ධානය පිහිටුවීම සම්බන්ධව පක්ෂ 10 නායකයින් අතර විශේෂ සාකච්ඡාවක් අද (31) කොළඹ දී පැවැත්විනි.
නව සන්ධානය කඩිනමින් පිහිටවිය යුතු බවට මෙහිදී තීරණය වී ඇති අතර සන්ධානය සඳහා නම් හතරක් යෝජනා වී ඇත.
දැනට යෝජනා වී ඇති නම් අතරින් වඩාම සුදුසු නම තෝරාගෙන එය ඊලඟ සාකච්ඡාවෙන් පසු ප්‍රකාශ කිරීමට නියමිතය.
නව සන්ධානයට නායකත්වය පත් කරගැනීමේදී ඔහුට කථිකත්වය සහ දේශපාලනය සම්බන්ධව පුලුල් අවබෝධයක් තිබිය යුතු බවත් ඊට සුදුසුම පුද්ගලයා විමල් වීරවංශ බවත් ලංකාසර කළ විමසුමක දී වාසුදේව නානායක්කාර පැවසුවේය.
මෙම සන්ධානය හා එකතුවීමට කැමති පක්ෂ ගණනාවක් සමග ඉදිරියේ දී සාකච්ඡා කරන බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
ඒ අනුව මීලඟ ජනාධිපතිවරණය සඳහා අලුතින් පිහිටුවන නව සන්ධානයේ අපේක්ෂකයා වනුයේ ද විමල් වීවරංශ බව වාසුදේ නානායක්කාර පැවසුවේය.