රටේ පවතින අනාරක්ෂිත තත්ත්වය සම්බන්ධව සිදුකරන ලද සමාලෝචනයකින් අනතුරුව පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ විශේෂ රැස්වීමක් කතානායක මහින්ද යාපා අබේවර්ධන ගේ ප්රධානත්වයෙන් සූම් තාක්ෂණය ඔස්සේ අද සවස 3.00ට පැවැත්වීමට කටයුතු යොදා ඇත.
මේ වනවිට රට තුළ ඇති ආරාජික තත්ත්වය සම්බන්ධව පුලුල් සංවාදයකට ලක් කර ඉක්මන් ප්රායෝගික ක්රියාමාර්ගයක් ගැනීම මෙම පක්ෂ නායක රැස්වීමේ අරමුණ බව කතානායක කාර්යාලය කියයි.
කෙසේ වෙතත් පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ගේ ආරක්ෂාව තහවුරු කරන තුරු පාර්ලිමේන්තුව රැස් නොකිරිමට කතානායකවරයා දැනටමත් තීරණය කර ඇත.