බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බල්ලා පිදුරු කන්නෙත් නෑ… කන ගොනාට දෙන්නෙත් නෑ… සජිත් ආසයි – බයයි… යළිත් රට අවුලක!

දේශපාලන අනාගතය විනාස වනවට බයේ අගමැතිකම ගන්නෙත් නෑ... වෙන කෙනෙකුට ගන්න දෙන්නෙත් නෑ....

by editor
මැයි 11, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

මේ වනවිට අගමැති ධුරය භාර ගැනීමට විපක්ෂ නායක භාර ගැනීමට ස්ථිර එකඟතාවයක් පල නොකිරීමත් එය භාර ගැනීමට සූදානම්ව සිටින දේශපාලන නායකයින්ට ඒ සඳහා සහයෝගය නොදැක්වීමත් නිසා රට දැවැන්ත දේශපාල අර්බුදයකට තල්ලු වෙමින් තිබේ.

නව අගමැතිවරයෙක් පත් කරගෙන අන්තර්වාර ආණඩුවක් පිහිටුවා ගැනීම සඳහා මහා සංඝරත්නය ප්‍රමුඛ සර්ව ආගමික නායකයින් අද දවස වනවිටත් දැඩි උත්සාහයක නිරතව සිටිය ද මෙතෙක් ඒ සම්බන්ධව එකඟතාවයකට පත් වීමට නොහැකි වී ඇත.

මහින්ද රාජපක්ෂ අගමැතිවරයා ධුරයෙන්ඉවත් වූ පසු අගමැති ධුරය භාරගන්නා ලෙස ජනාධිපතිවරයා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට දුරකථන මාර්ගය ඔස්සේ  දැනුම් දී තිබිණි.

ජනාධිපතිවරයාගේ එම ආරධානය සම්බන්ධව ද මෙතෙක් පැහැදිලි එකඟතාවයක් නොමැත.

සර්ව ආගමික නායකයින් ප්‍රකාශ කරන පරිදි එතුමන්ලා ඊයේ රාත්‍රියේත් අගමැති ධුරය සඳහා  පුද්ගලයෙක් යෝජනා කරගැනීමට සාකච්ඡා කීපයක් පවත්වා තිබේ.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

දැනට පත්ව තිබෙන තත්ත්වය අනුව අගමැති ධුරය සඳහා සජිත් ප්‍රේමදාස, කරූ ජයසූරිය, චම්පික රණවක, රනිල් වික්‍රමසිංහ මෙන්ම අනුර කුමාර දිසානායකගේ නම යෝජනා වී ඇත.

අනුර කුමාර දිසානායකගේ නම යෝජනා වී  තිබුණ ද ඔහු සහ ඔහුගේ පක්ෂය වත්මන් පාලනය යටතේ අගමැති ධුරය හෝ අන්තර්වාර ආණ්ඩුව පිහිටුවීම ප්‍රතික්ෂේප කර තිබේ.

සෙසු අය ඒ සඳහා සූදානමින් සිටියත් මෙතෙක් සජිත් ප්‍රේමදාස ඒ අයට සහයෝගය පලකිරීම එකඟතාවය පල නොකිරීම විශේෂය .

මේ නම් අතර සජිත් මූලිකත්ව හිමිව ඇත්තේ රටේ ප්‍රධාන විපක්ෂ නායකයා ඔහු නිසාය. ඒ අනුව සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ විශේෂ රැස්වීමක් ඊයේ පැවැත්විනි. එහිදී ද කෘත්‍යාධිකාරී මණ්ඩලයේ  සියලු දෙනාගේ යෝජනාව වී ඇත්තේ සජිත් අගමැති ධුරය භාරගත යුතු බවය.

එහෙත් සජිත් ප්‍රකාශ කර ඇත්තේ “ ඔයාලා කියන විදිහට බාර ගන්න පුලුවන්. එහෙම බාරගෙන අද මේ තියන ප්‍රශ්නවලට පිළිතුරු දෙන්න පුලුවන් ද?.  ඉන්ධන, ගෑස් , බෙහෙත් ප්‍රශ්නවලට විසඳුම් දෙන්න පුලුවන් ද?. එහෙම විසඳුම් දෙන්න බැරිවුනොත් මටත් වෙන්නෙ මහින්දට වුන දේම තමයි. ජනතාව අපටත් විරුද්ධව උද්ඝෝෂණය කරාවි. මාසයකින් ජනතා අපේක්ෂා ඉටු කරන්න බැරිනම් ජනතාව අපට විරුද්ධව දිගින් දිගටම අරගල කරාවි.“

සජිත්ගේ එම ප්‍රකාශයෙන් පසු රට තුළ උද්ගතව ඇති තත්ත්වය  පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇත.

අගමැති ධුරය ප්‍රමුඛ ආණ්ඩුව භාර ගන්නවා නම් ශ්‍රී ලංකා නිතිඥ සංගමයේ යෝජනා අනුව විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම, 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය වහාම බලගැන්වීම වැනි තීරණාත්මක කරුණු ඉටු විය යුතු බව එහිදී සාකච්ඡා වී තිබේ.

සජිත් ප්‍රේමදාස අගමැති ධුරය භාර නොගැනීම නිසා සමගි ජන බලවේගයට දේශපාලනික වශයෙන් අවාසියක් සිදුවිය හැකි බව කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේ දී පෙන්වා දී ඇත්තේ වෙනත් අයෙක් අගමැති ධුරය භාරගෙන ආණ්ඩුව පිහිටුවා උද්ගව ඇති ප්‍රශ්නවලට විසඳුම් දී රට ඉදිරියට ගෙන ගියොත් ඔහුව ජනතාව පිළිගනු ඇති බවය.

කෙසේ නමුත් අගමැති ධුරය සඳහා ඉදිරිපත් වී ඇති අනෙකුත් නම් අතරින් අයෙක් පත් කරගැනීම සඳහා සහාය දීමට සජිත් ප්‍රේමදාස මෙතෙක් එකඟතාවය පල කර නැත.

රනිල් කරූ චම්පික යන අය අගමැති ධුරය භාරගෙන අන්තර්වාර ආණ්ඩුවක් පිහිටුවීමට   කැමැත්තෙන් හිටියත් ප්‍රධාන විපක්ෂය ඒ සඳහා එකඟතාවය පල නොකිරීම නිසා ඔවුන්ට සහයෝගය දක්වන අනෙකුත් පාර්ශවයන් ද අර්බුදයකට මුහුණ පා ඇත.

මේ සම්බන්ධව ඔවුන් අතර සාකච්ඡා අද දිනයේ ද පැවැත්වෙනු ඇත.

කෙසේ වෙතත්  දැනට තිබෙන තත්ත්වය හා ඉදිරි පියවර සම්බන්ධව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස  සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අතර විශේෂ සාකච්ඡාවක් අද රාත්‍රියේ පැවැත්වෙනු ඇති බව සමගි ජන බලවේගයේ ප්‍රකාශකයෙක් ලංකාසරට පැවසීය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ජනපති ඉවත් වී කථානායක වැඩ බලන ජනපති ලෙස අන්තර්කාලීන ආණඩුවක් පිහිටුවන්න – ජාතික ජන බලවේගය

Next Post

පක්ෂ නායක රැස්වීම සූම් තාක්ෂණය ඔස්සේ…

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.