ජනාධිපතිවරයා ධුරයෙන් ඉවත් වන්නේ නම් ඉන් අනතුරුව පිහිටුවන නව ආණ්ඩුවේ අගමැති ධුරය භාර ගැනීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සූදානම් බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල පවසයි.
මෙතෙක් ඒ සඳහා නිශ්චිත එකඟතාවයක් ලැබී නැති බවත් ලක්ෂ්මන් කිරිඇල්ල පවසයි.
මේ වනවිට විපක්ෂ නායක වරයා විදේශ තානාපතිවරුන් සමග සාකච්ඡා කරමින් සිටින අතර අද පස්වරු තුනට විශේෂ පක්ෂ නායක රැස්වී සඳහා සූම් තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වීමට නියමිතය.
විපක්ෂ නායකවරයා අද සවස ජනාධිපතිවරයා සමග විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව ඇත. කෙසේ වෙතත් ඔහු පවසා ඇත්තේ රටේ මතය ජනාධිපතිවරයා ඉවත් විය යුතුය යන්න බැවින් ප්‍රශ්නය විසඳීම ආරම්භ කළ යුත්තේ ජනාධිපති ඉවත්වීමෙන්ම බවය.