නොවැම්බර් මාසය වනවිට පාසල්වල සියලුම පන්ති ආරම්භ කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත අද (08) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.
අදියර 04ක් යටතේ ලබන 21 දා සිට පාසල් විවෘත කිරීම ආරම්භ කරන බවත්, විභාග සඳහා සූදානම් වීමට අනතුරුව දරුවන්ට කාලයක් ලබාදීම සිදුවිය යුතුව ඇත් බවත් රාජ්‍ය අමාත්‍යවරයා කීවේය.
දැනට විෂයමාලා ආවරණය වී ඇති ප්‍රමාණය පිළිබඳ සොයා බැලීමට මේ වනවිට විධිමත් තක්සේරුවක් කරමින් ඇතැයි පවසන රාජ්‍ය අමාත්‍යවරයා මොන තත්වය යටතේවත් විශ්විද්‍යාල ප්‍රවේශය සඳහා වූ උසස්පෙළ විභාගයේ ප්‍රමිතියෙහි වෙනසක් නොකරන බව පැහැදිලි කළේය.







