අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නොකළ සොරකමට පොලීසියෙන් කන පැලූ සිසුවා රෝහලට

by Lanka Sara Editor
අගෝස්තු 23, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

ඌරුබොක්ක – කුමාර

කුඹුරුපිටිය පොලීසියේ නිලධාරීන් පිරිසක් විසින් එම නගර මධ්‍යයේදී අමානුෂික ලෙස පහරදීමෙන්   තුවාල ලැබූ පාසල් සිසුවෙකු කඹුරුපිටිය මුලික රෝහලට ඇතුළත් කර තිබේ.

ඊයේ පෙරවරුවේ කඹුරුපිටිය නගරයේ ජංගම දුරකථන අලෙවිසැලකින් තරුණයන් දෙදෙනෙකු ජංගම දුරකථනයක් සොරාගෙන ඇත.

එම සොරකම පිළිබඳ දුරකථන අලෙවිසැලේ හිමිකරු විසින් කඹුරුපිටිය පොලීසියට පැමිණිල්ලක් කර තිබේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

එම පැමිණිල්ලට අනුව දුරකථන අලෙවිසැල අසල ලොතරැයි කුටියක ලොතරැයියක් මිලදී ගනිමින් සිටි බව කියන එම පාසල් ශිෂ්‍යයා සහ ඔහුගේ ඥාති සහෝදරයා වෙත පැමිණි පොලිස් නිලධාරීන් විසින් ජනතාව බලා සිටියදී පාසල් සිසුවාට පහර දී මාංචු දමා පොලිසියට රැගෙන ගොස් තිබිණි.

පහරදීමෙන් පසු ඔවුන් දෙදෙනා පොලිස් සිරකූඩුවට දමා පැයකට ආසන්න කාලයක් සිර කූඩුවේ රඳවා තබා තිබේ.

එහිදී ද තවදුරටත් මෙම පාසල් ශිෂ්‍යයාට පහර දෙන අවස්ථාවේ දී “බුදු සර් අපි හොරකම් කරේ නැහැ. මෙම දුරකථන අලෙවි සැලේ CCTV කැමරා තියෙනවා නේද.? ඒවා බලලා අපි දුරකථනය සොරකම් කරනවා දැක්කානම් අපිට මෙහෙම ගහන්න බුදු සර්” යැයි කියමින් මෙම පාසල් සිසුන් බැගෑපත්වී ඇත.

අනතුරුව එම ස්ථානයට පැමිණි නිලධාරීන් පිරිසක් එම දුරකථන අලෙවිසැලේ සහ අසල පරීක්ෂාවට ලක් කර ඇති අතර පෙනී ගොස් ඇත්තේ මෙම සොරකමට පාසල් දරුවන් දෙදෙනා සම්බන්ධ වී නැති බවයි.

එම අවස්ථාවේදී පොලිස් නිලධාරීන් “උඹලා නොවෙයි. අපිට වැරදුනා සමාවෙයල්ලා” පවසමින් මෙම දරුවන් දෙදෙනා හිර කූඩුවෙන් එළියට දමා නිවසට යන ලෙස පවසා තිබේ.

මෙලෙස නිකරුණේ පොලිස් පහරකෑමට ලක්ව තිබූ එක් සිසුවකු නිවසට පැමිණීමෙන් පසුව මාපියන්ට පවසා ඇත්තේ කන නොඇසෙන බවත් අධික හිසරදය සහ කරකැවිල්ල ඇති වන බවත්ය. පොලිස් පහරදීමේදී එම සිසුවාට කනට පහරදුන් බවට ද සිසුවා පවසා ඇත.

අනතුරුව ඔහුගේ මාපියන් විසින් වහාම එම දරුවා කඹුරුපිටිය මූලික රෝහලට ඇතුළත් කර තිබේ.

මෙසේ රෝහල්ගත කරන ලද්දේ මෙවර උසස් පෙළ කලා අංශයෙන් පෙනී සිටීමට නියමිත කබුරුපිටිය රංචාගොඩ පදිංචි 18 උසස් පෙළ සිසුවායි.

ඔහු කඹුරුපිටිය රෝහලේ හතරවන වාට්ටුවේ ප්‍රථිකාර ලබයි.

එම දරුවාට පෞද්ගලික රෝහලකින් ප්‍රතිකාර ලබාගන්නා ලෙසත් සිදු වූ වරදට ඕනෑම අලාභයක් දෙන බවට විටින් විට පොලිස් නිලධාරීන් පැමිණ ඉල්ලා සිටින බවත් එම දරුවාගේ මව පවසයි.

මේ සිද්ධිය සමථයකට පත් කරගන්නා ලෙසට විවිධ දේශපාලනඥයන් කිහිපදෙනෙකුම බලපෑම් කරන බවත් මව හෙළිකළාය.

අත්අඩංගුවට ගත් අනෙක් සිසුවා ගිය වසරේ අපොස උසස් පෙළට පෙනී සිටි අතර මේ වසරේ ද විභාගයට පෙනී සිටීමට නියමිතයි.

මේ වනවිට පොලිසියේ අංශ ගණනාවකින් මේ පිළිබඳ විමර්ශන කටයුතු කරන බව ඉහළ පොලිස් නිලධාරියෙක් පැවැසීය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පක්ෂය රැක ගැනීමට ටී.එන්.ඒ ප්‍රතිසංවිධානය වේ…

Next Post

මව සමග නිදා සිටි අවුරුදු 4 1/2 දැරියක් අලුයම පැහැරගෙන…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.