අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මව සමග නිදා සිටි අවුරුදු 4 1/2 දැරියක් අලුයම පැහැරගෙන…

පැහැර ගෙන පැය 02න් දැරිය සැකකරුත් සමග සොයා ගත්තෙ සිවිල් ආරක්ෂක භටයෙක්....

by editor
අගෝස්තු 23, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

සුසන්ත අමරබන්දු –

සිය මව සමග නිවසේ නිදා සිටියදී  හොරෙන් පැහැරගත් වයස අවුරුදු  හතර හමාරක දැරියක්, එම පැහැර ගැනීමෙන් පැය දෙකක් තුළදී සොයාගෙන  අදාළ සැකකරුත් අත්අඩංගුවට ගැනීමට අද ( 23) උදෑසන පොලිසියට  හැකි වූ පුවතක් ඉඟිනියාගලින් වාර්තා වේ.
මෙලෙස පැහැර ගෙනගොස් තිබුණේ    ඉඟිනියාගල ධීවර ගම්මානයේ පදිංචි  අවුරුදු හතරයි මාස 8ක් වයසැති දැරියකි. එම දැරියගේ පියා කුරුණෑගල  ප්‍රදේශයේ රැකියාව කරනු ලබන නිසා නිවසේ සිට නැත. නිවසේ හිඳ ඇත්තේ මව සහ මේ දියණිය පමණි.
අලුයම 3.30ට පමණ මව ඇහැරී බලන විට  දියණිය ඇඳෙ නොමැති නිසා කෑ ගසමින් අසල් වැසියන්ටත් ඔවුන් මාර්ගයෙන් ඉඟිනියාගල පොලිසියටත් මේ ගැන දන්වා ඇත.  සිද්ධිය සැලවූ වහාම අම්පාර ජේෂ්ඨ පොලිස් අධිකාරි ජයන්ත රත්නායකගේ උපදෙස් මත පොලිසිය විසින් කඩිනමින් පරීක්ෂණ ආරම්භ කර තිබේ.  අනතුරුව ඒ මොහොතේම අම්පාර ජේෂ්ඨ පොලිස් අධිකාරී ජයන්ත රත්නායක  ද සිද්ධිය වූ ස්ථානයට පොලිස්  කණ්ඩායමක් සමග පැමිණ පොලිස් පරීක්ෂණ ආරම්භ කර ඇත.
මේ ක්‍රියාත්මකවීමත් සමග මෙහෙයුම ව්‍යාප්ත වූ අතර  ඉඟිනියාගල පොලීසියට අනියුක්තව සේවය කරනු ලබන  සිවිල් ආරක්ෂක භටයෙකුට අලුයම අඳුරේ කුඩා දරුවෙක් හඬන හඬ ඇසී තිබේ. මොහොතකින් එම හඬ නතර වුවත්  සිවිල් ආරක්ෂක භටයා ඒ පිළිබඳව සෙවීම අරඹා තිබේ. ඔහු හඬ පැමිණි ප්‍රදේශය අවට සෝදිසි කරමින් යන අවස්ථාවේදී   දේවස්ථාන හන්දිය අසලින් සැකකටයුතු පුද්ගලයෙක් දැරියක් සමග ගමන් කරන දැක ඇත. වහාම ඔහුව අල්ලා දැරියත් සමග පොලිසියට භාර දෙන්නට සිවිල් ආරක්ෂක භටයා කටයුතු කර තිබේ. දැරිය මව විසින් හඳුනා ගැනිමෙන් අනතුරුව පොලිසිය සැක කරුගෙන් ප්‍රශ්න කිරීම අරඹා ඇත.
අදාළ සැකකරු ඉඟිනියාගල බැව් මාර්ගයේ ආසන්න ප්‍රදේශයේ පදිංචි තිස් පස් හැවිරිදි අයෙකි. ඔහුගේ බිරිය ද ඔහු අත්හැර ගොස් ඇත. මෙම පුද්ගලයා මේ දැරියගේ නිවසේ ජනේලයකින් නිවස තුළට අතුළු වී ඇඳේ නිදා සිටි දැරිය නින්දෙන්ම ඔසවාගෙන ඉදිරි දොර ඇරගෙන පලා ගොස් ඇතැයි හෙළි වී තිබේ. ඉන්පසු එම ආසන්නයේ තවත් නිවසකට පැන එම නිවසේ තිබූ යතුරුපැදියක් පැහැරගෙන පණගන්වා ගැනීමට උත්සාහ කළත් එයද සාර්ථක වී නැත. පසුව තවත් නිවසකට ගොස් එහි තිබුණු මාළු ඇදීමට ගන්නා ලොරි රථයක් පණ ගැන්වීමට උත්සාහ කර තිබේ. එයත් අසාර්ථක වූ පසු  පැහැරගත් දැරිය ඔසවාගෙන කිලෝමීටර් දෙකහමාරක් දුරින් පිහිටි ඔහුගේ නිවසට රැගෙන එන අතර තුරේ සිවිල් ආරක්ෂක භටයාට හසු වී තිබේ.
මේ පැහැර ගැනීම සිදුවන විට සැකකරු දැඩි ලෙස බීමත්ව සිට ඇත.  සැකකරු  අම්පාර අධිකරණයට ඉදිරිපත් කිරීම නියමිතව තිබුණි. පැහැරගත් දැරිය වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා අම්පාර අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත යොමු කර තිබේ.
මේ පිළිබඳ පරීක්ෂණ කටයුතු අම්පාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජයන්ත රත්නායකගේ උපදෙස් මත අම්පාර කොට්ඨාස 2 හාර සහකාර පොලිස් අධිකාරී ජයරත්නගේ මගපෙන්වීමෙන් ඉඟිනියාගල වැඩ බලන පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඒ.එල්.ඒ. ගපූර්ගේ මෙහෙයවීමෙන් පො.ප. ධම්මික, උ.පො.ප.  එදිරිසිංහ යන නිලධාරීහු පරීක්ෂණ පවත්වමින් සිටිති.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

නොකළ සොරකමට පොලීසියෙන් කන පැලූ සිසුවා රෝහලට

Next Post

මහාවංසය හෙළි කරන පණ්ඩුකාභය රජුගේ අනුරාධපුර නගර සැලැස්ම

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.