අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home දේශපාලන

පක්ෂය රැක ගැනීමට ටී.එන්.ඒ ප්‍රතිසංවිධානය වේ…

by editor
අගෝස්තු 23, 2020
in දේශපාලන, පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

දෙමළ ජාතික සන්ධානයේ නව මාධ්‍යය ප්‍රකාශකවරයා වශයෙන් වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී  ටෙලෝ පක්ෂයේ නායක සෙල්වම් අඩෙයිකලනාදන්  පත් කිරීමට පක්ෂය තීරණය කොට තිබේ.

දැනට මෙම තනතුර දරන එම්.ඒ.සුමන්තිරන් මන්ත්‍රීවරයා කාලයක්ම මේ තනතුරේ කටයුතු කිරීම නිසා ඔහු ඉන්  ඉවත් වන බව නිවේදනය කොට තිබේ.

මේ අතර දෙමළ ජාතික සන්ධානයේ  පක්ෂ සංවිධායකවරයා වශයෙන් ප්ලොට් සංවිධානයේ ධර්මලිංගම් සිද්ධාර්ථන් මන්ත්‍රීවරයා පත් කිරීමට ද තීරණය වී තිබේ.

දෙමළ ජාතික සන්ධාන පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා වශයෙන් මෙතෙක් කටයුතු කරණ ලද්දේ කිළිනොච්චිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන්ය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

නව පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දිවුරුම් දීමෙන් පසුව දෙමළ ජාතික සන්ධානය කොළඹදී පවත්වන ලද විශේෂ  සාකච්ඡාවේදී මේ බව තීරණය කොට තිබේ.

දෙමළ ජාතික සන්ධානයේ ජාතික ලයිස්තු මන්ත්‍රීධූරය  නැගෙනහිර පළාතේ තවරාසා කලෙයිඅරසන්ට ලබා දීමත් සමගම  ටෙලෝ සංවිධානය හා ප්ලොට් සංවිධානය කාරණා කීපයක් හේතුවෙන් ඊට විරෝධය පලකරණු ලැබීය.

ඉන් ප්‍රධානතම කාරණය වූයේ පක්ෂයේ මධ්‍යම කාරක සභාවෙන් පිටස්තරව සම්බන්ධන් මන්ත්‍රීවරයා හා සුමන්තිරන් මන්ත්‍රීවරයා පමණක් එකතුවී තීරණ ගැනීම නීති විරෝධී ක්‍රියාවක් බව පවසමිනි.

දෙමළ ජාතික සන්ධානයේ හවුල්කාර පක්ෂ දෙකක් වන  ටෙලෝ සංවිධානය හා ප්ලොට් සංවිධානය පසුගිය පළාත් පාලන මැතිවරණයේදීද දෙමළ ජාතික සන්ධානයේ නායකයින්  සමග  දැඩි විරසක භාවයක් ඇති කර ගන්නා  ලද්දේ  පක්ෂයේ මධ්‍යම කාරක සභාවෙන් පරිබාහිරව තීරණ ගැනීම නිසාය.

ඒ අවස්ථවේදී ටෙලෝ හා ප්ලොට්  සංවිධාන දෙමළ ජාතික සන්ධානයෙන් ඉවත්ව යාමට පවා තීරණය කොට වවුනියාව හා මන්නාරම යන පළාත් වල පලාත් පාලන ආයතන කීපයකට දෙමළ ජාතික සන්ධානය යටතේ නාම යෝජනා ලබා නොදී ටෙලෝ හා ප්ලොට් සංවිධානය යටතේ නාම යෝජනා ලබා දීමටද පියවර ගෙන තිබුණි.

දෙමළ බුද්ධිමතුන් පිරිසක්  ඒ අවස්ථාවේදී මැදිහත් වී ප්‍රශ්නයට විසදුමක් ලබා දී ඔවුන්ව යළි එක්සත් කිරීමට පියවර ගැනීමෙන් පසුව ඔවුන් අතර වූ විරසකභාවය අවසන් වුණි.

නමුත් දෙමළ ජාතික සන්ධානයේ ජාතික ලයිස්තු මන්ත්‍රීධූරය නිසා හටගත් අර්බූදයෙන්  ටෙලෝ හා ප්ලොට් යන දේශපාලන පක්ෂ දෙක දෙමළ ජාතික සන්ධානයෙන් ඉවත්ව යාමට ඉඩ ඇති බැවින්  ඔවුන්ව සතුටු කොට තවදුරටත් ඔවුන්ව පක්ෂය තුළ තබා ගැනීමට ටෙලෝ නායකයාට දෙමළ ජාතික සන්ධානයේ ප්‍රකාශක තනතුරත් ප්ලොට් සංවිධානයේ නායක  සිද්ධාර්ථන්ට පක්ෂයේ ප්‍රධාන  සංවිධායක තනතුරත් ලබා දී ඇති බව උතුරේ සෙසු දෙමළ දේශපාලන පක්ෂ නියෝජිතයෝ කියා සිටිති.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

15 හැවිරිදි දරුවෙක් පැදවූ ටිපර් රථයේ ගැටී 11 දරුවෙක් මිය යයි…..

Next Post

නොකළ සොරකමට පොලීසියෙන් කන පැලූ සිසුවා රෝහලට

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.