නේපාලයේ අගනුවර වන Kathmandu හි අද (22) උදෑසන 7.39ට රික්ටර් පරිමාණයේ 6.1 ක භූමිකම්පාවක් ඇති වි තිබේ.
ජාතික භූමිකම්පා නිරීක්ෂණ හා පර්යේෂණ මධ්‍යස්ථානයට අනුව, ධාඩිං දිස්ත්‍රික්කයේ අපිකේන්ද්‍රය සහිතය මෙම භූ කම්පනය සිදු වී ඇත.
කම්පනයෙන් කිසිදු මරණයක් හෝ හානියක් සිදු වූ බවට වාර්තා වී නොමැත. බග්මති සහ ගන්දකි පළාත්වල අනෙකුත් දිස්ත්‍රික්කවලට ද කම්පනය දැනී තිබේ.
නේපාලයේ භූමිකම්පා සුලභ වන අතර එය ටිබෙට් සහ ඉන්දියානු භූ තල සෑම සියවසකම මීටර් දෙකක් එකිනෙකට සමීප වීමත් සමග එම පීඩනයේ ප්‍රතිඵල භූමි කම්පා ස්වරූපයෙන් ප්‍රකාශයට පත් වන බව පර්යේෂකයෝ කියති.
ඔක්තෝබර් 16 වැනිදා නේපාලයේ Sudurpaschim පළාතට රිච්ටර් මාපකයේ 4.8 ක භූමිකම්පාවක් ඇති විය. 2015 දී රිච්ටර් මාපකයේ 7.8 ක භූමිකම්පාවකි සහ පසු කම්පන හේතුවෙන් පුද්ගලයින් 9,000 ක් පමණ මිය ගියහ.
නේපාලය ලෝකයේ වඩාත්ම භූමිකම්පා ඇති 11 වන රට වේ.