බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලබන අවුරුද්දේ ජනාධිපතිවරණයක්… 2025 මුල් භාගයේ දි පළාත් සභා මැතිවරණය… ජනපති කියයි!

by editor
ඔක්තෝබර් 21, 2023
in පුවත්
Ranil
Share on FacebookShare on Twitter

රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමෙන් අනතුරුව  ව්‍යවස්ථාවට අනුවම ලබන වසරේ ජනාධිපතිවරණය පැවැත්වීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසුවේය.

,ඉන් අනතුරුව පාර්ලිමේන්තු මැතිවරණය ද පවත්වා  2025  මුල් භාගයේ දී පළාත් සභා මැතිවරණය ද පැවැත්වීමට හැකි වනු ඇතැයි ජනාධිපතිවරයා  සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ  මේ බව සඳහන් කර සිටියේ අද (21) පස්වරුවේ කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රිඩාංගණයේ දී පැවැත්වුණු එක්සත් ජාතික පක්ෂයේ විශේෂ මහා සම්මේලනය අමතමිනි.

“ස්මාර්ට් රටක් – ජය ගනිමු 2048” යන තේමාව යටතේ සංවිධානය කර තිබු මෙම සම්මේලනයේ දී සංශෝධනයට ලක් කෙරුණු පක්ෂ නව ව්‍යවස්ථාව ද එක්සත් ජාතික පක්ෂයේ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සභාවට ඉදිරිපත් කළ අතර එය ඒකමතිකව සම්මත විය.

එක්සත් ජාතික පක්ෂයට මාර්ගගත ක්‍රමයට අනුව සංවිධාන ඇති කිරීමට අවස්ථාව ලබා දෙමින් පක්ෂය ඩිජිටල්කරණය කිරීමට අදාළව මෙම සංශෝධනය සිදු කර තිබේ. ස්මාර්ට් රටට පෙර ස්මාර්ට් පක්ෂයක් ලෙස එක්සත් ජාතික පක්ෂය ගොඩනැගිය යුතු බව ජනාධිපතිවරයා  එහිදී අවධාරණය කළේය.‍

RelatedPosts

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ස්මාර්ට් රට ගොඩනැගීම “මගෙන් පටන් ගනිමු” යන්න සංකේතවත් කරමින් එළිදැක්වුණු ලාංඡනය මෙහිදී අමාත්‍ය මනුෂ නානායක්කාර  විසින් ජනාධිපතිවරයා වෙත පැළඳවිය.

එක්සත් ජාතික පක්ෂයේ නිල පුවත්පත වූ “සිය රට” පුවත්පතේ පැරණි කලාපයක් එහි නිර්මාතෘ මායා කළුබෝවිල  විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ  වෙත පිළිගැන්වු අතර ජනාධිපතිවරයා එය පක්ෂයේ මහලේකම්වරයා වෙත භාරදුන්නේය.

සම්මේලනය ඇමතූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් සඳහන් කළේ ස්මාර්ට් රටක් ගොඩනැගීමට සියලු ක්ෂේත්‍රවල දූෂණය පිටුදැකිය යුතු බවත්, ඒ සඳහා රාජ්‍ය ආයතන තුළ මෙන්ම දේශපාලන පක්ෂ තුළද දූෂණය මැඩලීම සඳහා අණ පනත් රැසක් හඳුන්වාදීමට කටයුතු කරන බවත්ය.

එසේම රටේ ආර්ථිකය ගොඩනඟන පක්ෂය ලෙස එක්සත් ජාතික පක්ෂයේ ශක්තිය මෙහිදී අවධාරණය කළ ජනාධිපතිවරයා ස්මාර්ට් පක්ෂයක් ලෙස ඉදිරියේ දී රට වෙනුවෙන් පුළුල් කාර්ය භාරයක් ඉටුකිරීමට එක්සත් ජාතික පක්ෂය පෙරට ආ යුතු බවද අවධාරණය කළේය.

මහජන එක්සත් පෙරමුණේ නායක, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන   ඇතුළු පක්ෂ නායකයන් රැසක් එක්සත් ජාතික පක්ෂ විශේෂ සම්මේලනය සඳහා සුභාශිංසන එක් කර තිබිණි.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

තිරිසන් නරුමයන්ගේ හක්ක පටස් බෝම්බයට මුව කුඩු වී පණ අදින අම්මා ලඟ දැවටෙන අලි සිඟිත්තා…

Next Post

නේපාලයේ කත්මන්ඩු නුවර ප්‍රබල භූ කම්පනයකින් සෙලවෙයි!

Related Posts

පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
පුවත්

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake
පුවත්

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!
  • හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!
  • තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.