ජයකාන්ත ලියනගේ සහ ලලිත් චාමින්ද –
අහුංගල්ල ගල්වෙහෙර පාසල අසලදි ඊයේ (21) රාත්‍රි 7.30ට පමණ සිදුවු වෙඩි තැබිමකින් යතුරුපැදියකින් ගමන්කරමින් සිටි අඹුසැමි යුවළක් හා මාස හතරක බිළිදකුට නාඳුනන තුවක්කු කරුවෙක් විසින් වෙඩි තැබූ සිද්ධියෙන් තුවාල ලද වින්දිතයන් මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින බව අහුංගල්ල පොලිසිය පවසයි.
බිළිදා සහ මව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට සහ කාන්තාවගේ සැමියා බලපිටිය රෝහලය ඇතුළත්කොට ඇත. ත්‍රීරෝද රථයකින් පැමිණි කණ්ඩායමක් විසින් වෙඩි තැබීම සිදුකර තිබෙන බව පොලිස් පරීක්ෂණ වලදි තහවුරු වී තිබේ. වෙඩි තැබීමෙන් පසු ත්‍රීරෝද රථය ඌරගස්මන්හන්දිය දෙසට ගමන කර තිබෙන බවට තොරතුරු අනාවරණය වී තිබෙන බවද අහුන්ගල්ල පොලීසියේ ප්‍රකාශකයෙක් සදහන් කළේය. කුඩා දරුවගේ කකුල් දෙකට, මවගේ බඩ ප්‍රදේශයට හා පියාගේ මුහුනට වෙඩි වැදී තිබෙන බව අහුන්ගල්ල පොලීසිය මෙතෙක් කරන ලද පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වී ඇත.
වෙඩි ප්‍රහාරයට ලක් වී ඇත්තේ බලපිටිය ගල්වෙහෙර ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි ලී බඩු සාප්පු ව්‍යාපාරිකයෙක්, ඔහුගේ 28 හැවිරිදි බිරිය හා මාස හතරක ළදරුවාය.
වෙඩි ප්‍රහාරයට ලක් වූ පුද්ගලයා දැනට ඩුබායිහි සිටින ආබෲ හෙවත් බබා නැමැති පාතාල අපරාධකරුගේ බිරියගේ සොහොයුරා බවත් එම ඥාති සම්බන්ධය නිසාම මෙම ඝාතන උත්සාය දියත් වි ඇතැයි සැක කරන බවත් විමර්ශන අංශ සැක කරයි.
මෑතක දී වර්ධනය වී ඇති මේ තත්ත්වය මෙතෙක් පාතාලයේ මරාගැනීම්වල පවා වාර්තා වී නොවූ අශිෂ්ඨත්වයේ කෙළවරම පවතින්නක් බව පවසන විමර්ශන අංශ එකිනෙකාගෙන් පළි ගැනීම සඳහා පාතාලයට සම්බන්ධ නැති පුද්ගලයන් පවා පාතාලයන්ගේ ඥාති සම්බන්ධතා මතම මරා දමමින් සිටින බව පෙන්වා දෙයි. ලෝකය ගැන හසරක් නොදන්නා සිවු මස් ළදරුවෙක් ද එම ප්‍රහාරයේ ගොදුරක් වී ඇති අයුරු විමර්ශන අංශ පෙන්වා දෙයි.
මෙම පුද්ගලයා වෙඩි ප්‍රහාරයට ලක් වී ඇත්තේ ලී බඩු සාප්පුවේ සිට යතුරුපැදියෙන් සිය නිවස බලා යමින් සිටියදි මග සැඟවී සිටි වෙඩික්කරුවෙක් අතිනි.
වෙඩිවැදිම වුස්ථානයේ තිබි හිස් උණ්ඩ 21ක් සොයාගත් බව පොලිසිය පවසයි. ටි 56 ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදුකොට ඇති බව මුලික විමර්ශනවලදි අනාවරණය වි තිබේ..
අහුංගල්ල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක හරිත් හල්විටගේ මෙහෙයවිම යටතේ පරික්ෂණ පැවැත්වේ