නේටෝ මහලේකම් ජෙන්ස් ස්ටෝල්ටන්බර්ග් අද රුසියානු ජනාධිපති වැල්දිමීර් පූටින්ට ආයාචනාවක් කළේය. ඒ කොන්දේසි විරහිතව සියලුම රුසියානු හමුදා යුක්රේන භූමියෙන් ඉවත් කර ගන්නා ලෙසය.
බ්‍රසල්ස් හි නේටෝ මූලස්ථානයේ පැවති නේටෝර රටවල විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීමකින් පසුව ස්ටෝල්ටන්බර්ග් වාර්තාකරුවන්ට පැවසුවේ මෙසේය
“ඉදිරි දින වඩාත් නරක අතට හැරේවි., තවත් මරණ වැඩිවේවි. මහා විනාශයක් සිදුවේවි. “.
එහෙත්, ඔහු යුක්රේනයට නේටෝ හමුදා යැවීම හෝ කියෙව් විසින් ඉල්ලා ඇති පරිදි රට හරහා පියාසර තහනම් කලාපයක් පිහිටුවීම ප්‍රතික්ෂේප කළේ එවැනි පියවරයන් රුසියාව සමඟ සෘජු මිලිටරි ගැටුමකට නේටෝව ඇද දමනු ඇතැයි යන බිය මධ්‍යයේ ය.
“යුක්රේන ගුවන් අවකාශයේ නේටෝ ගුවන් යානා හෝ යුක්රේන භූමියේ නේටෝ භටයන් ක්‍රියාත්මක නොවිය යුතු බවට මිත්‍ර පාක්ෂිකයෝ එකඟ වෙති,” ස්ටෝල්ටන්බර්ග් පැවසීය.