බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නෙදර්ලන්තයෙන් අපට බය හිතෙන ඉඟියක්… පකිස්ථානය නූලෙන් ජාම බේරා ගනී!

by editor
පෙබරවාරි 7, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

ආදිත්‍ය කල්පජිත් –

මේ ලෝක කුසලාන  තරගාවලි යේ දී  මූලික වටයේ තරගත් අපට  මොනතරම් අසීරු වනු ඇතිදැයි ඉඟියක් පකිස්ථානය සහ නෙදර්ලන්තය අතර තරගයේ දී අපට ඉඟි ලැබී තිබේ. එවැනි ඉඟි අපව කම්පනයට පත් කරන්නේ අපේ කණ්ඩායම මේ වනවිට ප්‍රකට කරමින්  ඇති අස්ථාවර සහ ආත්ම විශ්වාසයකින් තොර බිඳ වැටුනු ලොන්තපෝල් තත්ත්වය මතය. 

පකිස්ථානයට එරෙහිව නෙදර්ලන්තයට තරගයේ ජයග්‍රහණය අත්හැරුණේ නූලෙනි. අවසන් පන්දු ඕවරයේ 3 වැනි පන්දුව තෙක්  ජයග්‍රහණය වෙනුවෙන් සටන් වැදුන පකිස්ථාන කණ්ඩායමේ කඩුළු 07ක් බිඳ වැටී තිබිණි. තරගයේ ජයග්‍රහණය සහතික කළේ අංක 08 පිතිකරු  ෆහීම් අෂ්රෆ් පන්දු 11ක දී ලකුණු 29ක්  ලබාගෙන තරගයේ ජය තහවුරු කරන්නේ 19 වැනි ඕවරයේ 3 වැනි පන්දුවේ දී ය.

සිදුවූයේ කුමක් ද?

තරගය පැවැත්වුනේ එස්.එස්.සී ක්‍රීඩාංගනයේ ය. ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ පුරාවෘතයක් වූ  එස්.එස්.සී ක්‍රීඩාංගනයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරමින් අද එහි මුල්ම විස්සයි 20 ජාත්‍යාන්තර තරගය පැවැත්වුනේය. තරගය ආරම්භ වන්නේ පෙරවරු 11ට ය.

තරගයේ   කාසියේ වාසිය දිනා මුලින්ම පන්දු රැකීම තේරූ පකිස්ථාන කණ්ඩායමට නෙදර්ලන්තයෙන් ලකුණු 147ක ඉලක්කයක් ලැබුණේය. නෙදර්ලන්තය වෙනුවෙන් වැඩිම ලකුණු පමානයක් රැස් කළේ නායක ස්කොට් එඩ්වඩ් විසිනි. ඔහු පන්දු 29ක දී ලකුණු 37ක් ලැබුවේය. අංක 03 පිතිකරු බාස් ඩි ලීඩේ ලකුණු 30ක්, ආරම්භක පිතිකරු මිෂෙල් ලෙවිඩ් ලකුණු 24ක්,  අංක 04 පිතිකරු කොලින් ඇක්මන් ලකුණු 20ක් ලැබුවේය. නෙදර්ලන්ත කණ්ඩායම පන්දු ඕවර 19.5ක් තුළ සියල්ලෝ  ලකුණු 147කට දැවී ගියහ.

පකිස්ථානය වෙනුවෙන් සල්මන් මිර්සා කඩුළු 03ක්, මොහොමඩ් නවාස් කඩුළු 02ක්, අබ්‍ර අහමඩ් කඩුළු 02ක්, සයිම් අයුබ් කඩුළු 2ක් සහ ෂහීන් ෂා ඇෆ්රිඩි කඩුල්ලක් දවා ගත්හ.

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

148ක ජයග්‍රාහී ඉලක්කයක්  හඹා ගිය පකිස්ථා කණ්ඩායම බලාපොරොත්තු නොවුන ව්‍යසනයකට ලක් කරන්නට  ස්කෝට්ලන්ත පන්දු යවන්නෝ කටයුතු කළහ.  ආරම්භක පිතිකරුවන්වන ෂහීබ්සාදා පර්හාන් ලකුණු 47ක් ලැබුවේය. සයිම් අයුබ් ලකුණු 24කි. එහෙත් ඉන් අනතුරුව ඉනිමේ බිඳ වැටීම ඇරඹිනි.

නායක සල්මන් ආගා ලකුණු 12කි. අත්දැකීම් සපිරි පිතිකරු බාබර් අසාම් ලකුණු 15කි. උස්මාන් ඛාන් ලකුණු නොලබා දැවී ගියේය. ෂඩාබ් ඛාන් ලකුණු 08කි. මොහොමඩ් නවාස් ලකුණු 06කි. 17 වැනි ඕවරයේ පළමු පන්දුව වනවිට ලකුණු 114ට පකිස්තාන කඩුළු 07කි.

ක්‍රිකට් බලන අපේ මෑත කාලීන අත්දැකීම නම් ලොවෙත් පකිස්ථානය පරාදය. ගැහැලි කාරයන් ගිහින්ය. අපේ අවසන් විස්සයි 20 අත්දැකීම ලකුණු 129ක් ලබා ගැනීමට නොහැකිව ඕල් අවුට් වීමය. එහෙත් පකිස්ථාන කණ්ඩායම මොනවා වුනත් ඒ මට්ටමට කුජීත වුනේ නැත. අංක 08 ක්‍රීඩක ෆහීම් අෂ්රෆ් පන්දු 11ක දී ලකුණු 29ක් ලබාගෙන පන්දු 03ක් ඉතිරිව තිබිය දී තරගය ගොඩදැම්මේය.  පකිස්ථානය කඩුළු 03කින් දිනුම්ය.

නෙදර්ලන්තය වෙනුවෙන් ආරම්භක පන්දු යවන ආර්යන් දත් කඩුළු 02ක්, පෝල් වැන් මීකරන් කඩුළු 02ක් සහ ලෝගන් වැන් බීක්, කයිල් ක්ලයින්, රෝලොෆ් වැන් ඩර් මර්වේ එක් කඩුල්ල බැගින් ලැබූහ.

අපේ ක්‍රිකට් සහ ෂම්මි ක්‍රිකට් –

මෙවැනි තත්ත්වයන් අපේ ක්‍රීඩා ලෝලීන් සංසන්දනය කරන්නේය. මේ වනවිට ශ්‍රී ලංකා ක්‍රිකට්,  ක්‍රීඩා ලෝලීන්ට එපා කරමින් ක්‍රීඩාව සහ ක්‍රීඩාව ආගමක් සේ භක්තියෙන් පිළි ගත් ජනතාව අතර ඇති බැම්ම බිඳ දමා ශ්‍රී ලංකා ක්‍රිකට්වලට ආදේශ කර ඇති ෂම්මි ක්‍රිකට් පිළිබඳව ක්‍රීඩා ලෝලීන්ගේ බරපතල විරෝධයක් මතු වෙමින්  ඇත්තේය. ඔහුගේ අශීලාචාර උද්දච්ඡ කතා ක්‍රීඩා ප්‍රේමී ජතාවගේ ආත්ම ගෞරවය පළුදු කර ඇති ආකාරය පෙනේ.

ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන තරග වර්ජනය කිරීමේ සංවාදයක් ක්‍රී මේ වනවිට ක්‍රීඩා ප්‍රේමී ජනතාව අතරින් මතු වෙමින් ඇත.   මෙය ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධව කවදාවත් මතුවූ තත්ත්වයක් නොවේ. දශක ගණනක් තිස්සේ ක්‍රීඩාව සහ ක්‍රීඩකයින් සම්බන්ධ ගෞරවයක්, පරාජය විඳ ගැනීමේ මැදහත් මනෝ භාවයක් අපේ මිනිස්සුන්ට තිබිණි.

එහෙත් මේ වනවිට සිදුවෙමින් ඇත්තේ අතාර්කික ලෙස ස්වකීය හුරතලුන් කණ්ඩායමට එක් කරගෙන එය ශ්‍රි ලංකා ක්‍රිකට් ලෙස හඳුන්වා දෙමින් ෂම්මිලාගේ   ක්‍රිකට් රටේ ක්‍රිකට් කරන්නට යෑමේ කුපාඩිකම ක්‍රීඩා ලෝලීන්ගේ ඉවසීමේ සීමාව සලකුණු කර තිබීමය.

එය අනවශ්‍ය ඉසව්වක් කර ගමන් කිරීම වැළැක්වීමේ අභියෝගය ගැනීමට දැන් ප්‍රමාද වූවා වැඩිය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ඇමෙරිකාව ඉන්දියාවට පැනවූ සියයට 25ක තීරුබද්ද ඉවතට

Next Post

‘අරුණු දොර’ ජාතික කියවීම් ප්‍රවර්ධන වැඩසටහන යටතේ තවත් ජංගම පුස්කතාල 10ක් බස්නාහිර පළාතෙන් වැඩ අරඹයි….

Related Posts

පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.