මහනුවර පෙරහැරට සහභාගී වීමට පැමිණ සිටියදී නවාතැන් ගෙන සිටි ගොඩනැගිල්ලෙන් ඇදවැටී ප්‍රතිකාර ලබමින් සිටි තරුණ නර්තන ශිල්පියා මියගොස් තිබේ.
පසුගිය 17 වැනිදා පෙරහැරට සහභාගි වී පසුදා නාථ දේවාල භූමියේ පෞරාණික ගොඩනැගිල්ලක් වන පැරණි ධර්මරාජ ප්‍රාථමික ගොඩනැගිල්ලේ රැඳී සිටින අතරතුර ඉහළ මාලයේ සිට පහළට නැමී වතුර බෝතලයක් අල්ලා ගැනීමට පහත් වෙද්දී ,පය ලිස්සා පහලට වැටී මෙන් අනතුර සිදුවිය.
හිසට අභ්‍යන්තර රුධිර වහනයකින් ඇතිවුණු සංකූලතා මරණයට හේතු විය.
මතුගම පවන් නමැති ඔහු දින 15ක් මහනුවර ජාතික රෝහලේ ස්නායු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස මියගොස් තිබිණි.
මෙම තරුණයා කුරුණෑගල පාරම්පරික පන්තේරු ගුරු කුලයට අයත් ගුරුන්නාන්සේගේ කණ්ඩායමට එක්වූ නවකයෙකි.
මතුගමින් මෙවර සහභාගි වූයේ දෙදෙදෙනකු වන අතර මියගොස් ඇත්තේ වයස අවුරුදු 18ක තරුණයා ය.