නුවර පෙරහර නාථ දේවාල පන්තේරු නැටුම් කණ්ඩායමේ තරුණ ශිල්පියෙක්  උඩු මහලින් ඇද වැටී දැඩි සත්කාර ඒකකයේ

මහනුවර දළදා පෙරහරේ නාථ දේවාලයේ පන්තේරු නැටුම් කණ්ඩායමට සම්බන්ධ 19 හැවිරිදි තරුණ නර්තන ශිල්පියෙක් අද (18) අළුයම නවාතැන් ගෙන සිටි පැරණි ධර්මරාජ ප්‍රාථමික ගොඩනැගිල්ලෙන් පහළට වැටී මහනුවර රෝහලේ   දැඩි සත්කාර ඒකකයට   ඇතුළත් කර ඇතැයි රෝහල් ආරංචි මාර්ග පවසයි.

මතුගම  පදිංචි මෙම තරුණ පන්තේරු නැටුම් ශිල්පියා කලක සිට දළදා මළිගාවේ නාථ දේවාල පෙරහට සහභාගී වන බව වාර්තා වේ.

ඊයේ (17) රාත්‍රි පෙරහර නිමා නිමා කර  පැරණි ධර්මරාජ ප්‍රාථමික අංශ  ගොඩනැගිල්ලේ ලැගුම් ගෙන සිටිය දී ඔහු මෙම අනතුරට ලක් වී ඇත. 


තමන්ගේ වතුර බෝතලය පුරවා ඉහළ මාලයට විසි කරන ලෙස සිය මිතුරෙකුට කියා උඩට එන බෝතලය අල්ලන්නට නැවෙද්දී ගොඩනැගිල්ලේ ඉහළ මාලයෙන් පහළට ඇද වැටී මෙම  අනතුර සිදු වී ඇතැයි හෙළි වී ඇත.

මෙම යොවුන් ශිල්පියා අද අළුයම මහනුවර ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.



මහනුවර මූලස්ථාන පොලිසිය පරීක්ෂණ පවත්වයි.

Exit mobile version