නීති විරෝධී ව මෙරටට ගෙන්වන ලද දුම්වැටි 600ක තොගයක් සමඟ පුද්ගලයෙකු මීගමුව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
තීරු බදු නොගෙවා නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වන ලද එම දුම්වැටි තොගය පොලිස් විශේෂ කාර්ය බළකායේ ගෝනහේන කඳවුරේ නිලධාරින් විසින් කරන ලද වැටලීමක දී සොයාගෙන තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් අවුරුදු 42ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඔහු වැඩිදුර විමර්ශන සඳහා මීගමුව පොලිස් ස්ථානය වෙත භාර දී තිබේ.
මීගමුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.