අමායා උඩුවැරැල්ල –
මයික්‍රොසොෆ්ට් සම නිර්මාතෘ බිල් ගේට්ස් ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ ජම්නගර් වෙත පැමිණ තිබෙනවා. ඒ මුකේෂ් අම්බානිගේ බාල පුත්‍රයා වන අනන්ට් අම්බානිගේ පූර්ව තුන්දින විවාහ උත්සවය සඳහා යි.
මුකේෂ් අම්බානි ඉන්දියානු ප්‍රකෝටිපති ව්‍යාපාරිකයෙක්. ඔහු වෙළඳපොල වටිනාකම අනුව ඉන්දියාවේ වටිනාම සමාගම වන Reliance Industries හි සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂවරයා වනවා. ෆෝබ්ස් සඟරාවට අනුව 2024 පෙබරවාරි මාසය වනවිට එහි ඇස්තමේන්තුගත ශුද්ධ වටිනාකම ඩොලර් බිලියන 114.1 ක්. ඔහු ආසියාවේ ධනවත්ම පුද්ගලයා වන අතර ලෝකයේ 11 වන ධනවත්ම පුද්ගලයා.
ඔහුට දරුවන් තිදෙනෙකු සිටින අතර අනන්ට් අම්බානි බාල පුත්‍රයායි. Reliance Greens සංකීර්ණයේ පැවැත්වෙන අනන්ට් අම්බානි සහ ඔහුගේ දිගුකාලීන පෙම්වතිය වන රාධිකා මර්චන්ට් ගේ පූර්ව විවාහ සැමරුම් උත්සව ඊයේ දින සිට ආරම්භ වූ අතර ඊයේ පැවති උත්සවයට ලෝකප්‍රකට පොප් ගායිකාවක වන රිහානාගේ අංගයක් ද ඇතුළත්ව තිබුනා. ඒ සඳහා ඩොලර් මිලියන 9 කට ආසන්න මුදලක් ගෙවා ඇති බව සඳහන් වන අතර මෙය ඇයගේ පළමු ඉන්දීය සංචාරයයි.
තෙදින සැමරුම් උළෙලට බොලිවුඩයේ ජනප්‍රිය තරු වන ෂාරුක් ඛාන්, සල්මන් ඛාන්, අමීර් ඛාන්, රන්බීර් කපූර්, අමිතාබ් බච්චන්,දීපිකා පදුකෝන් සහ එම් එස් දෝනි සහ සචින් ටෙන්ඩුල්කාර් වැනි ක්‍රීඩා තරු ඇතුළු බිල් ගේට්ස්, මාර්ක් සකර්බර්ග් ආදී ලොව පුරා කීර්තිමත් පුද්ගලයින් 2000 කට ආසන්න ආරාධිත අමුත්තන් සහභාගී වන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
භූතානයේ ජිග්මේ කේසර් නම්ග්යෙල් වැන්ග්චුක් රජු (King Jigme Khesar Namgyel Wangchuk) සහ ඔහුගේ බිරිඳ ජෙට්සන් පෙමා (Jetsun Pema) වැනි රාජකීයයන් දැනටමත් පැමිණ ඇති බවත් වාර්තා වනවා.
අමුත්තන්ගේ පැමිණීම ටයිම්ස් වෙබ්අඩවිය පූර්ව මංගල්‍යය වාර්තා කර තිබූ අයුරු පහත දිගුවෙන් බලන්න…
https://time.com/6836783/anant-ambani-indian-billionaire-wedding-celebrations-guest-list/