ඊයේ රාත්‍රියේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත් අඩංගුවට ගත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සමන් රත්නායක ලබන 04 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අද මලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.
ඔහු අද (02) මාලිගාකන්ද අධිකරණයට ඉදිරිපත් කළ අතර, එහි දී මෙම නියෝගය ලබා දී ඇත.
ආන්දෝලනාත්මක හියුමන් ඉමියුනෝග්ලොබියුලින් සිද්ධියේ ු මුල් ගොනු අතුරුදහන් වීම සම්බන්ධව වගකිවයුත්තා අතිරේක ලේකම් සමන් රත්නායක බව පෙරේදා (29) මෙම නඩුව කැඳවූ අවස්ථාවේ දි අතිරෙක සොලිසටර් ජෙනරාල් ලක්මිණී ගිරිහාගම විසින් අධිකරණයට පැවසුවේය. ඒ අනුව අධිකරණය මගහැරීමට උත්සාහ කරමින් සිටින අතිරේක ලේකම්වරයා අපරාධ පරික්ෂණ දෙපර්තමේන්තුවට කැඳවීමට නියෝගයක් ලබා දෙන මෙන්ද අධිකරණයෙන් අයැද සිටියාය.
ඒ අනුව ලද අධිකරණ නියෝගයට අනුව ඊයේ දහවල් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ අතිරේක ලේකම් සමන් රත්නායකගෙන් පැය 09 කාලයක් තිස්සේ ප්‍රකාශ සටහන් කරගැනීමෙන් පසු ඔහුව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත් අඩංගුවට ගනු ලැබුවේය.
අනතුරුව අද අධිකරණය වෙත ඉදිරිපත් කළ අතිරේක ලේකම්වරයා ලබන 04 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කළේය.