ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ විධායක කමිටුව විසින් ජූලි මාසය පුරා නිකුත් කරන ලද සියලු ම ප්‍රකාශ සහ ලිපි සඳහා ඊයේ (30) නීතිඥ සභාව රැස් වූ අවස්ථාවේ දී නීතිඥ මණ්ඩලයේ ඒකමතික අනුමැතිය ලැබී තිබේ.
ඒ බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතීඥ සාලිය පීරිස් විසින් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් නිවේදනය කර ඇත.
අදාල ට්විටර් පණිවිඩය මගින් ඔහු කියා සිටියේ මෙසේය.
“නීතිඥ සභාව යනු ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ඉහළ ම ආයතනයයි. සියලු ම ශාඛා සංගම්වලින් නීතිඥ කවුන්සිලයේ නියෝජිතයන් ඊට නම් කරනු ලැබේ. අද(30) පැවති රැස්වීමේදී 2022 ජූලි මාසය තුළ විධායක කමිටුව විසින් නිකුත් කරන ලද සියලු ම ප්‍රකාශ සහ ලිපි සඳහා නීතිඥ මණ්ඩලය ඒකමතිකව අනුමත කරන ලදී.” .
The Bar Council is the highest body of the BASL. Delegates of the Bar Council are nominated from all branch associations. At today's meeting the Bar Council unanimously approved all the Statements and Letters issued by the Executive Committee during the month of July 2022.
— Saliya Pieris (@saliyapieris) July 30, 2022
මෙම ඒකමතික සම්මුතිය නීතිඥ මණ්ඩලය විසින් ගෙන ඇත්තේ ජන අරගලයේ පුරෝගාමී භූමිකාවක් කළ නීතිඥ සංගමයට අරගලයට ප්‍රතිපක්ෂ වූ නීති වෘත්තිකයන් අතලොස්සක් යම් විතර්ක ඇති කරන පසුබිමකය.