පසුගිය දින කිහිපයේ දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වූ වෙඩි තැබීම් හා ගාලුමුවදොර තීරයෙන් හමු වූ මළ සිරුරු සම්බන්ධයෙන් කඩිනම් පූර්ණ පරීක්ෂණයක් පවත්වන ලෙසට ශ්‍රී ලංකා නීතිඥ සංගමය, පොලිස්පති සී ඩී වික්‍රමරත්නගෙන් ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වේ.
දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වන වෙඩි තැබීම් හා විශේෂයෙන්ම ගාලු මුවදොර අවට මුහුදු තීරයේ ඇතැම් ස්ථානවලින් මළ සිරුරු ගොඩ ගසන බවට පැතිරෙන මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය, පොලිස්පතිවරයාගේ අවධානය යොමු කර තිබේ.
මෙවැනි සිරුරු මතුවීම සම්බන්ධයෙන් බලධාරීන්ගේ කිසිදු පැහැදිලි කිරීමක් නොමැති වීම මහජනතාවගේ භීතියට හේතු වී ඇති බැවින් ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපයට අහිතිකර බලපෑමක් ඇති නොවන අන්දමින් මෙම සිදුවීම් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන්න යැයි නීතිඥ සංගමය ඉල්ලා සිටියි.
වෙඩි තැබීම් හා මළ සිරුරු මතුවීමේ සිද්ධිය සම්බන්ධයෙන් කඩිනම් විමර්ශනයක් කිරීමේ අවශ්‍යතාවය පොලිස්පතිවරයා වෙත අවධාරණය කර ඇත.