ලලිත් චාමින්ද –
කිව් ආර් ක්‍රමයට සතියක් සඳහා ලැබෙන ඩීසල් ලීටර 40 ප්‍රමාණවත් නොවන බව පවසමින් බස් සංගම් කීපයක් අද (04) මධ්‍යම රාත්‍රියේ සිට බස් රථ වර්ජනයක් ප්‍රකාශ කර තිබේ.
සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් අද මේ බව ප්‍රකාශ කළේය.
සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනය, අන්තර් පළාත් බස් හිමියන්ගේ සංගමය, පොදුජන එක්සත් බස් හිමියන්ගේ සංගමය සහ සමස්ත ලංකා එක්සත් බස් හිමියන්ගේ සංගමය මෙම වර්ජනයට කැඳවා ඇත.
මේ අතර ඉන්ධන කෝටාව යටතේ තමන් වෙත ලැබෙන ඉන්ධන ප්‍රමාණය ධාවනය කිරීම සඳහා ප්‍රමාණවත් නොමැති බව පවසමින් ගාල්ල කොළඹ මාර්ගයේ ධාවනය කරන බස් රථ සේවකයින් දැනටමත් වර්ජනයක් ආරම්භ කර තිබේ. අද (8) පෙරවරුවේ ඔවුහු වර්ජනය ආරම්භ කළහ.
මෙසේ වර්ජනයේ නිරත වූ බස් රියදුරු කොන්දොස්තරවරුන් පවසන්නේ ගාල්ල කොළඹ ධාවනය කිරීම සඳහා තමන්ට සතියකට ඩීසල් ලීටර් හතළිහක් ලැබෙන අතර එය එක් ගමන් වාරයකට පමණක් ප්‍රමාණවත් බවයි..
ඉන්ධන නිකුත් කිරිමේ දි පුද්ගලික බස්රථ සදහා ප්‍රමුඛත්වය ලබානොදි සිමිත ඉන්ධන ප්‍රමාණයක් නිකුත් කිරිම නිසා මාතර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල පුද්ගලික බස්රථ ධාවකයින් විසින් ඊයේ (03) සිට වර්ජනයක් ආරම්භකොට ඇත.
කෙසේ වෙතත් ඉන්ධන කෝටාවේ අඩුව සම්බන්ධයෙන් කෙරෙන වර්ජනයට එක්වීමේ කිසිදු තීරණයක් තමන් රැගෙන නැති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මාධ්‍යයට කීවේය.