තානාපති සේවයට, අමාත්‍යාංශ ලේකම් ධුයට පුද්ගලයින් පත් කරද්දී සුදුස්සන් සුදුසු පරිදි තෝරා ගනිමින් පත් කිරීම් කරන කරන ලෙස ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක අතිපූජ්‍ය මකුලෑවේ විමල හිමපාණන් ජනාධිපතිවරයාට අනුශාසනා කර තිබේ.
අමාත්‍ය ධූර ලබා දීමේ දී පක්ෂ මත පිහිටා කටයුතු නොකරන ලෙසද උන්වහන්සේ උපදෙස් දී ඇත. මෙම අන්තර්වාර පාලනය නිශ්ඡිත කෙටි කාලයක් සඳහා සැලසුම් කරන ලෙස ද උන්වහන්සේ දන්වා ඇත.
ජනාධිපතිවරයා ඊයේ (05) පස්වරුවේ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා සංඝ මූලස්ථානයට ගොස් නාහිමියෝ බැහැ දැක ආනුශාසනා ලබා ගත්හ. එහිදී ජනාධිපතිවරයා කීවේ ජනතා විමුක්ති පෙරමුණ හැර අනෙක් සියලුම දේශපාලන පක්ෂ මෙම සර්ව පාක්ෂික ආණ්ඩුවක් සඳහා වූ වැඩපිළිවෙළට කැමති බවය.