අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඒ දොස්තර මහත්තයා උන්නෙ දෙවියන්ටත් උඩින්….

by editor
අගෝස්තු 6, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

කීර්ති ප්‍රනාන්දු – 

ව්‍යසනය ජාවාරමක් කරගත් අශික්ෂිත මිනිසුන් අතර මනුස්සකම පිළිබඳ ඇසෙන වචන මාත්‍රයක් ප්‍රමාණවත්ය. ඒ එක් සඳහනක් තවමත් වඳවී නැති බෝසත් මිනිස්සු ගැන කියා දෙයි.

වෛද්‍ය වෘත්තිය තුළ අතලොස්සකගේ පටු ආධානග්‍රාහී හැසිරීම සමස්ථ වෘත්තියම නිග්‍රහයට පත් කළත් උත්තුංග මිනිස්සු තවමත් ඒ වෘත්තිය බබලවති.

මේ කතාව ඇසුනේ බදුල්ල රෝහලෙනි.  වෛද්‍ය පාලිත රාජපක්ෂ බදුල්ල රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරීවරයාය. සිදුවීම වාර්තා වන්නේ ඊයේ  (06) සවස 4ට පමණය.

නොදරුවෙක් රෝහලට රැගෙන ආවේය. වතු ආශ්‍රිත පරිසරයක වැඩෙන පොඩි එකෙකි.  දරුවා දින ගණනාවක් උණ රෝගයෙන් පෙළෙමින් සිට තිබිණි.

රෝහලට ගෙන එන්නේ අන්තිම අමාරු මොහොතේය. පොඩි එකා හුස්ම ගන්නෙ ආයාසයෙනි. පෙනහළු ආසාදනය වී  නිව්මෝනියා තත්ත්වයක් තෙක් රෝගය තීව්‍ර වී ඇති සෙයකි.  කඳුළු පිරුණු දෑසින් පොඩි එකා බලා හිඳී.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

වෛද්‍ය පාලිත රාජපක්ෂ දරුවා කෘත්‍රිම ශ්වසන යන්ත්‍රයට යොමු කළේය. ශ්වසන ආධාරත් සමග  දැන් දරුවාගේ පෙනහළු ක්‍රියාත්මකය.

දරුවාගේ බඩ පිරී ඇත. මේ අවස්ථාවේ දී බඩ හිස් නොකළහොත්  එම දියර පෙනහලු කරා පැමිණ නැවත දරුවාගේ මරණය  සහතික කරනු ඇත.

ආමාශගත දේ ඉවත් කිරීමට දරුවාගේ  මුඛයෙන් ආමාශය වෙත බටයක් යැවිනි.  එහෙත් එම බටය චූෂණ යන්ත්‍රයේ මුවවිටට සවි වන්නේ නැති තරම් කුඩාය.

වෛද්‍ය පාලිත රාජපක්ෂ බටයේ කෙළවර සිය මුවට ගෙන දරුවාගේ ආමාශගත තරලය ඇද්දේය. සියල්ල මුවින් ඇද්දේය.

“ කරන්න දෙයක් තිබුණෙ නෑ ඒ වෙලාවෙ. පොඩි එකාගෙ ජීවිතේ ගැන විතරයි අපි හැමෝටම අවධානය තිබුණෙ. ඒ සියලු ද්‍රව්‍ය කටට ආවා.  ඇත්තටම කිසිම අපුලක් දැනුනෙ නෑ. පොඩි එකාට මූලික ප්‍රතිකාර ටික හරියට සිද්ධ වුනා. ප්‍රතිජීවක ඖෂධත් නියමිත මාත්‍රාවට ලැබුණා.  එයා ජීවත් වේවි.“

“ මතක තියාගන්න. මේ අපේ ජීවිතවල එක් සිද්ධියක් විතරයි. මේ වගේ ගොඩාක් දේවල් රෝගීන්ගේ ජීවිත බේරගන්න මේ සෞඛ්‍ය සේවකයො කරනවා. ඒ යථාර්ථය කියැවෙන්නෙ නෑ. මම මේ ගැන පුංචි සටහනක් තිබ්බෙ ඒ නිසා. ක්ෂේත්‍රයෙ අතලොස්සකගෙ හැසිරිම් නිසා සමස්ථ සෞඛ්‍ය පද්ධතියම ගර්හාවට ලක්වුනත් අවධාරණය නොවෙන පැත්තක් තියනවා.  මට දැන් අවුරුදු 53ක්. මං අතින්ම මේ විදිහට රෝගීන් දහස් ගණනක් සුව වෙලා ඇති. අපි බහුතරයකට මේ අත්දැකීම් තියනවා. “

වෛද්‍ය පාලිත අපට කීවේය. අප ඔහුව අමතන මුල් අවස්ථාවේදී ඔහු හිටියේ  හදිසි අවශ්‍යතාවයක් සදහා රෝහලෙන් පිටවි ගොසිනි.

“ ඔව්… දරුවෙකුට හුස්ම ගන්න බෑ කියලා පණිවිඩයක් ආවා. දරුවා හොස්පිටල් එකට ගේන්න විදිහක් නෑ ඒ අම්මලට.  කිලෝ මීටර පහක් විතර දුර. ඔක්සිජන් ටැංකියකුත් අරන් ඒ දරුවා බලන්න ගිහින් එන්න ගියා. “

වෛද්‍ය පාලිත රාජපක්ෂ කීවේය.

“ මම ඕෆ් වෙන්න හිටියෙ  හවස දෙකට… ඒත් පවතින තත්ත්වය උඩ  මම ටිකක් වෙලා හිටියා.  ජීවිත දෙකක් බේරගන්න පුලුවන් වුනා. මේක අපි හැමෝටම අමාරු කාලයක්. තමන්ගෙ රාජකාරියෙන් අඩියක් දෙකක් ඉස්සරහට ගිහින් වැඩ කරන්න අපි හැමෝම කටයුතු කළේ නැතිනම්  රට මේ තැනින් අපිට ගොඩගන්න ලැබෙන්නෙ නෑ…“

ඔහු කියනු අසා සිටියෙමි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

නිස්සන්ට නිසි තැන දෙන්න… රාමඤ්ඤ මහා නිකායේ මහා නායක හිමියෝ ජනපතිට කියති…

Next Post

කෙහෙල්බද්දර දී වෙඩි තබා තරුණයෙක් ඝාතනය කරයි… පස්පොඩ්ඩා ඝාතනයේ දිගුවක් දැයි සැකයක්!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.