කෙහෙල්බද්දර ප්‍රදේශයේ තරුණයෙකුට අද (06) වෙඩි තබා ඝාතනය කර තිබේ.
ඝාතනය කර ඇත්තේ 26 හැවිරිදි තරුණයෙකි. මෙම ඝාතනය සහ පසුගිය 27 වැනිදා ගම්පහ උසාවිය අසල දී වෙඩි තබා ඝාතනය කළ සමන් රෝහිත පෙරේරා හෙවත් පස්පොඩ්ඩා සහ ඔහුගේ සහචරයාගේ ඝාතනය අතර සම්බන්ධයක් ඇතැයි විමර්ශන අංශ සැක පහළ කරයි.
වෙඩි තබා ඝාතනය කළ මෙම තරුණයා පස්පොඩ්ඩා ඝාතනය කිරීමට කොන්ත්‍රාත්තුව ලබා දුන් බවට සැක කරන ඩුබායිහි වෙසෙන පද්මෙ නැමැත්තාගේ සහචරයෙක් බවට ද තොරතුරු තිබේ.
පසුගිය 27 වැනිදා උසාවියේ නඩුවක් සඳහා පෙනී සිට නැවත යමින් සිටිය දී උසාවියට නුදුරු ගම්පහ නගර සභා ක්‍රීඩාංගනය අසලදී වැගන් ආර් රථයකින් පැමිණි කුලී ඝාතකයෙක් ටී.56 අවියකින් වෙඩි තබා පස්පොඩ්ඩාව ඝාතනය කර තිබිණි.
ඔහු සමග ගමන් ගත් සිව් දෙනෙක් අසාධ්‍යව රෝහල් ගත කර අතර එයින් එක් පුද්ගලයෙක් ද ජීවිතක්ෂයට පත් විය.
සිද්ධිය පිලිබඳ විමර්ශන ඇරඹී තිබේ.