සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නිව් ඩයමන්ඩ් , එක්ස්ප්‍රස් පර්ල් නැව්වලින් එන්න තිබෙන ඩොලර් වන්දි නැත්තේ ඇයිදැයි කොප් කමිටුව සොයයි

by Lanka Sara Editor
මාර්තු 14, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රි ලංකාවේ සමුද්‍ර පරිසරය සම්බන්ධයෙන් මෑත කාලයේ සිදුවූ ලොකුම අනතුරු දෙක වන නිව් ඩයමන්ඩ් සහ එක්ප්‍රස් පර්ල් නෞකා අනතුරු දෙකේ වන්දි ලෙස තක්සේරු කර ඇති විශාල වන්දි මුදල් ලබා ගැනීමට තවමත් අපොහොසත් වීම සම්බන්ධයෙන් පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමෙන්තු කාරක සභාවේ දැඩි අවධානයට ලක්ව ඇත. පසුගියදා සමුද්‍ර පරිසර ආරක්ෂණ අධිකාරියේ නිලදාරීන් කෝප් කමිටුව හමුවට ගෙන්වූ අතර එහිදී කළ විමසීම්වලදී අනාවරණය වී ඇත්තේ නිව් ඩයමන්ඩ් නෞකාවෙන් අය විය යුතු රුපියල් මිලියන 3840ක් සහ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් අය විය යුතු ඇමෙරිකානු ඩොලර් මිලියන 44ක් අය කර ගැනීමට ශ්‍රි ලංකාව තවමත් අසමත් ව ඇති බවය .

කෝප් කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා රැස්වූ කමිටුවේදී සමුද්‍ර පරිසර ආරක්ෂණ අධිකාරියේ නිලධාරීන්ගෙන් කළ විමසීම්වලදී අනාවරණය වී ඇත්තේ 2020 සැප්තැම්බර් මස ඊසාන දිග මුහුදු තීරයේ අනතුරට පත්වූ MT New Diamond නෞකාවේ අනතුර සම්බන්ධයෙන් මුදල් සමුද්‍රීය පරිසර ආරක්ෂණ පනතේ 26 සහ 38 වගන්ති යටතේ රු. මිලියන 12 ක මුදලක් ද අයකරගෙන ඇති බවද මෙහිදී අනාවරණය විය.
එහෙත් පනතේ 34 වගන්තිය යටතේ තක්සේරු කළ අගය රු මිලියන 3480 ක් වුවද එම මුදල මේ වන තෙක් ලැබී නොමැති බවත් රු. මිලියන 51.3 ක මුදලක් නැවේ ගින්න නිවීම සහ තෙල් විසිරීමට ප්‍රතිචාර දැක්වීම සදහා පමණක් ලැබී ඇති බවත් මෙහිදී මෙහිදී හෙළි විය.

මෙම රු මිලියන 3480 ක තක්සේරු අගය සිවිල් වගකීම යටතේ පරිසරයට වු හානිය යථා තත්ත්වයට පත් කිරීම සදහා විශේෂඥ කමිටුවක් හරහා ලබා ගත් ඇස්තමේන්තුවක් බවත් මේවන විට එම වාර්තාව නීතිපති දෙපාර්තමේන්තුවට යොමුකර ඇති බවත් ඉදිරියේදී සාකච්ඡා කොට ඒ සදහා කටයුතු කරන බවත් අධිකාරියේ වැඩබලන සාමාන්‍යාධිකාරි ජගත් ගුණසේකර මහතා පැවසීය. නීතිපති දෙපාර්තමේන්තුව සමග සම්බන්ධ වෙමින් මෙම ප්‍රමාදයන් වළක්වා රටට ලැබිය යුතු මුදල් කඩිනමින් ලබා ගැනීමේ අවශ්‍යතාව කමිටුව මෙහිදී අවධාරණය කළේය.

2021 මැයි මාසයේ කොළඹ වරායට නුදුරින් සිදුවූ ‍ MV X-Press Pearl නෞකා අනතුරට අදාල වන්දි මුදල් අයකරගැනීම පිළිබදවද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා විය. පනතේ සිවිල් වගකීම යටතේ තක්සේරු කරන වටිනාකම්වලට වඩා විශාල වශයෙන් අඩු මුදලක් ලැබීම පිළිබදවද කමිටුවේ විශේෂ අවධානය යොමුවිය. පනතේ සිවිල් වගකීම යටතේ ඇ.ඩො මිලියන 44 ක් ලබාගැනීමට තක්සේරුකර තිබුණද එම මුදලින් ඇ.ඩො මිලියන 6 කට ආසන්න මුදලක් පමණක් මේවනවිට ලැබීම ගැන කමිටුව දීර්ඝ ලෙස ප්‍රශ්න කළ අතර රටට ලැබිය යුතු වන්දි මුදල් උපරිම ලෙස ලබා ගැනීමට සාකච්ඡා මෙහෙයවියයුතු බව මෙහිදී මන්ත්‍රීවරු අවධාරණය කළහ. එසේම පිරිසිදු කිරීම් ඇතුළු කටයුතු සදහා වියදම් ලෙස රු මිලියන 823 ක වියදම් අතුරින් නවාතැන් පහසුකම් සදහා මිලියන 18 ක් වියදම් කිරීම පිළිබදවද කමිටුවේ අවධානය යොමුවිය. මෙම වියදම් පිළිබද නිසි විගණනයක් සිදුකොට වාර්තාවක් ලබා දෙන ලෙසද කමිටුව උපදෙස් ලබා දුන්නේය. එසේම මෙම අනතුරට අදාළව නෞකා සමාගමෙන් අයකරගත යුතු මුදල් නිශ්චිත කාලරාමුවක් තුළ කඩිනමින් අයකර ගැනීමට කටයුතු කරන ලෙස ද උපදෙස් ලබා දුන්නේය. එසේම අමාත්‍යාංශය ද මේ සම්බන්ධයෙන් සැලැස්මක් සකස් කොට මෙහි ප්‍රගතිය මාස් පතා වාර්තාවක් මගින් අධ්‍යක්ෂ මණ්ඩලයට දැනුම්දෙන ලෙසත් කෝප් සභාපතිවරයා නිර්දේශ කළේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

2012 වසරේ මුහුදුබත් වූ “Thermophile” නෞකාව සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීම වසර 10 ක් තිස්සේ ප්‍රමාද වීම පිළිබදව ද කමිටුවේ අවධානය යොමුවිය. අවශ්‍ය සියලු තොරතුරු නීතිපති දෙපාර්තමේන්තුව වෙත ලබා දී ඇතිබව නිලධාරීහු ප්‍රකාශ කළහ. නීතිපති දෙපාර්තමේන්තුව මගින් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේ ප්‍රමාදය වළක්වා ගැනීම සදහා වහාම මැදිහත්ව වැඩපිළිවෙලක් සකස් කොට කෝප් කමිටුව වෙත වාර්තාවක් ලබා දෙන ලෙස කෝප් සභාපතිවරයා අමාත්‍යාංශ ලේකම්වරයාට නිර්දේශ කළේය.
කොළඹ දිස්ත්‍රික්කයේ මෝදර හා වැල්ලවත්ත ස්ථානවලින් විශාල වශයෙන් සාගරයට අපද්‍රව්‍ය බැහැර කිරීම පිළිබදව ද මෙහිදී සාකච්ඡා විය. මේ පිළිබද සොයා බලා වාර්තාවක් මාස 3 ක් ඇතුළත ලබා දෙන ලෙස කෝප් සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා අමාත්‍යාංශ ලේකම්වරයාට නිර්දේශ කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මුදල් ඇමති බැසිල්ට එරෙහිව විශ්වාසභංගයක්

Next Post

ඩොලර් බිලියනයේ ණය ගැන කතා කරගන්න බැසිල් යළි හෙට ඉන්දියාවට…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.