ඉන්දියාවෙන් ඉල්ලා ඇති රුපියල් බිලියනක ණය මුදල සම්බන්ධව විශේෂ සාකච්ඡාවක් සඳහා මුදල් ඇමති බැසිල් රාජපක්ෂ හෙට (15) ඉන්දියාව බලා යෑමට සූදානම් බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග හෙළි කරයි.
මෙම ගමන සඳහා මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර්. ආටිගල ද සම්බන්ධ වීමට නියමිත බව වාර්තා වේ.
මෙම ගමනේ දී මුදල් අමාත්‍යවරයා ඉන්දීය මුදල් අමාත්‍යවරිය, විදේශ අමාත්‍යවරයා සහ අගමැතිවරයා හමුවීමට නියමිත බව පැවසේ
ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුදයෙන් මිදීම සඳහා හදිසි ආහාර, ඉන්ධන සහ ඖෂධ සැපයීම වෙනුවෙන් මෙම ඩොලර් බිලියනයේ ණය ඉන්දියාවෙන් ඉල්ලා තිබිණි. ඒ ඇමරිකානු ඩොලර් මිලියන 500 ක ණයක් පසුගිය දෙසැම්බරයේ ඉන්දියාවෙන්ම ලබා ගැනීමෙන් පසුය.
කෙසේ වෙතත් මෙම ඩොලර් බිලියනයක ණය මුදල ලබා දීම සඳහා දිගු කාලීන ආර්ථික අර්බුදය ජයගන්නේ කෙසේද යන්න පිළිබඳ මාර්ග සිතියමක් සහිත ක්‍රියාකාරී සැලැස්මක් ඉදිරිපත් කරන ලෙස මින් පෙර ඉන්දියාව ශ්‍රී ලංකාවට දන්වා තිබිණි.
නිසි උපාය මාර්ගික සැලැස්මක් ඉදිරිපත් කිරීමට අපොහොසත් වූ නිසා මුදල් ඇමති බැසිල් රාජපක්ෂගේ ඉන්දීය සංචාරය දෙවරක්ම අවලංගු කර එය නැවත කාලසටහන්ගත කිරීමට ඉන්දියාව පියවර ගත්තේය.