සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නිල ඇඳුම ළමයෙකුට දී රඟපාන්න යන්න….

by editor
ජූලි 11, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ජානක ලියනආරච්චි –

ක්ලබ් වසන්ත මරා දැම්මේය. ක්ලබ් වසන්තත් පාතාලයෙකි. ඒ බව රටම දැනගෙන සිටියත් ඔහු මිය යනතුරු බොහෝ දෙනෙක්  ඒ ගැන කටක් ඇරියේ නැත.  ක්ලබ් වසන්තට වෙනස් ආකාරයෙ ශෛලියක් තිබිණි. ඔහුම ඡායාරූපවලින් ඔප්පු කර ඇති විදිහට පාර්ලිමේන්තුවේ  සියයට හැටකට වඩා ඔහුගේ හිතවතුන්ය.  පොලිසියේ ලොක්කන් ගේ සිට ආරක්ෂක අංශවල ප්‍රධාන චරිත එකට අඩි ගහන ඔහුගේ මිත්‍රයන්ය.   වොඩ් ප්ලෙස් වාසීව සිටි ක්ලබ් වසන්ත වෙනස් ආකාරයේ පාතාලයෙක් වූයේ ඒ නිසාය. පාතාලයේ උන් කෙළගනිද්දී මරා දැමූ එකම එකා ක්ලබ් වසන්තයා යැයි සිතෙන තරමට  මේ සිදුවීම කතා  උපදවන්නේ එවැනි පසුබිමක් තුළය.

 club-wasantha

එමෙන්ම මෙම ඝාතනය සම්බන්ධ විමර්ශනවලට රටේ දේශපාලනයේ ඉහළම තළය මෙන්ම   ආරක්ෂක ප්‍රධානීන් හා පොලිසියේ ඉහළම තැනුත් සංවේදීය.  එබැවින් මේ විමර්ශනය සුපර් ස්ටාර්ලා ඉපදවිය හැකි විමර්ශනයක් ද වී ඇත. ඒ තත්ත්වය තුළ ක්ලබ් වසන්ත ඝාතන පරීක්ෂණ රියැලිටි ෂෝ එකක් කරගැනීමට පොලිසිය කටයුතු කර ඇති බව දුටුවෙමු.

සිද්ධියේ පෙළ මෙසේය.

ස්ථානය අතුරුගිරිය පොලිසිය ය.  ක්ලබ් වසන්ත ඝාතනයට ලක් වූ  ටැටූ චිත්‍රාගාරය ආරම්භකළ පුද්ගලයා විලංගු පිටින් අතුරුගිරිය පොලිස් ස්ථානාධිපතිවරයාගේ නිල කාමරය වෙත   රැගෙන එන්නේය. නිල කාමරය තුළ  වටේටම කැමරා ය. පසුබිමේ ඉන්නේ මේ අපරාධයට අදාල පරීක්ෂණ භාරව සිටින බස්නාහිර පළාත් දකුණ භාර නියෝජ්‍ය පොලිස්පති ගයංග මාරපණය. ඔහු වටා පොලිස් නිලධාරීන් රැසකි.  ගයංග මාරපණ   අපරාධ සැකකරුව  ප්‍රශ්න කරන්නේය.  වටේ ඉන්න නිලධාරීන් ද සැරය. ලොක්කාට නොදෙවෙනිව පැන පැන සැකකරුගෙන් ප්‍රශ්න අසන්නේය. සැකකරු ලවා   පාපොච්චාරණයක් කරවන්නේය. එම පාපොච්චාරණය පටිගත කරන්නේය. අනතුරුව ඒ විඩියෝ ප්‍රධාන මාධ්‍ය ඔස්සේ බෙදා හරින්නේය.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

දැන් සමහරවිට නියොජ්‍ය පොලිස්පති මාරපනට ආතල්  වන්නට  පුලුවන.  එහෙත් ඒ පටිගත කිරීම දුටු සබුද්ධික මිනිසුන්ගේ  ආතල් කැඩුන බව කම්පනයෙන් යුතුව ලියා තබමු.

වෙඩි තිබ්බේ තෙදිනකට පෙරය.  තවම මේ විමර්ශන පවතින්නේ මුල් අදියරවලය.  මේ පුද්ගලයා තවම සැකකරුවෙක් පමණි. ඔහුගේ සාක්ෂිය අවශ්‍ය විමර්ශන කටයුතුවලටය. ඒ සාක්ෂිය ඉදිරිපත් විය යුත්තේ රූපවාහිනී කැමරාවකට නොව  උසාවියට ය.  අධිකරණයෙන් වරදකරුවෙක් වනතුරු චූදිතයෙක් අපරාධකරුවෙක් නොව සැකකරුවෙකි.

මොන බිහිසුණු අපරාධකරුවෙකුගේ අපරාධයක් සම්බන්ධව වුවද පරීක්ෂණ කරන විට එහි ගැඹුරක් මෙන්ම විශ්වාසනීය වෘත්තික ස්වරූපයක් සහිත සදාචාරයක්  තිබීම සමාජයකෙ අපේක්ෂාවය. පුරවැසියන්ට  ජීවිත බිය නැතිවන්නේ ඒ වෘත්තීයභාවය හරහා සමාජයට සම්ප්‍රේක්ෂණය වන විශ්වාසයෙනි.  මෙතෙක් කල් පොලිසිය ඒ සදාචාරාත්මක ගැඹුර බිඳ දැම්මේ රහසිනි.    ඊයේ  ඔවුන් එය රූපවාහිනී කැමරා ඉදිරිපිට ලෝකයටම පෙනෙන්නට නිරුවත් වෙමින්  ලංකාවේ පොලිසියෙහි තත්ත්වය ලෝකයට කීවේය.

අත් අඩංගුවට පත් සැකකරුවෙකුගේ දර්ශන රූගත කර ඔහුගේ ප්‍රකාශත් සමග  මාධ්‍ය ඔස්සේ විකාශය කිරීමට කිසිම නෛතික ප්‍රතිපාදනයක් නැත.  මේ තත්ත්වය තුළ  අධිකරණයට ඉදිරිපත් කිරීමට සිටි සැකකරුවෙක් මාධ්‍ය ඉදිරියට රැගෙන විත් මාධ්‍යයට ආනාවරණය කරමින් ප්‍රශ්න කිරීම සම්බන්ධව  ඊයේ  අධිකරණයේ දැඩි අවධානය ස යොමු විය.

පොලිසිය සැක කරුවන් රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලිසිය අධිකරණයෙන් කළ ඉල්ලීම  මේ වනවිට    කඩුවෙල මහේස්ත්‍රාත් චානිමා විජේබණ්ඩාර විසින් ප්‍රතික්ෂේප කර ඇත.  ඇය පොලිසියට නියෝග කළේ අවශ්‍යනම්  බන්ධනාගාරයට ගොස් අවශ්‍ය   සැකකරුවන්ගෙන්  ප්‍රකාශ ලබා ගන්නා ලෙසය.

අප කා තුළත් මේ සිද්ධිය අරභයා  ඇති වූ ප්‍රශ්න කීපයක්  නීතිඥ වෛද්‍ය පාලිත බණ්ඩාර සුබසිංහ ඊයේ (10) පොලිසියෙන් ප්‍ විමසා තිබිණි.

  1. පොලිසියේ ඉදිරියේ කරන පාපොච්චාරණ ප්‍රසිද්ධ මාධ්‍ය වලින් දර්ශන සහිතව විකාශය කරන්න පුළුවන්ද?
  2. දැන් පොලිසියෙන් කියන්නේ මේ පුද්ගලයා කියන දේ රටට පිළිගන්න කියලද ?.
  3. මිනීමැරුම පිළිබඳ පර්යේෂණය ඉවරයි ද ?
  4. පොලිසිය ඉදිරියේ කරන පාපොච්චාරණයක් මේ ආකාරයට ප්‍රසිද්ධ ජනමාධ්‍ය තුළින් විකාශය කිරීම සඳහා අවසර දුන්නේ කවුද?
  5. මෙමගින් ඉදිරි පොලිස් විමර්ශනයන්ට සහ අධිකරණ කටයුතුවලට අගතියක් වන්නේ නැද්ද?
  6. මේ පුද්ගලයා හෙළිදරව් කරන නම් ගම් සහිත පුද්ගලයන් සත්‍ය වශයෙන්ම මේ ඝාතනයට සම්බන්ධද ? එසේ නොවේ නම් ඇතිවන තත්ත්වයට වගකියන්නේ කවුද ?
  7. මේ පුද්ගලයා මේ සිදුකරන පාපොච්චාරණය කිසිවෙකුගේ බලපෑමකින් කරන්නක් විය නොහැකිද?
  8. එහෙම නැත්නම් පොලිසිය සිතාමතාම ඔවුන්ගේ විමර්ශනය මේ පුද්ගලයාගේ පාපොච්චාරණය මත සිදුකරන බව පෙන්වා රහසිගත පරීක්ෂණයක් කිරීමේ උපක්‍රමයක්ද ?
  9. සියල්ලම හරි…. නිර්දෝෂ භාවයේ පූර්ව නිගමනයට මොකද වෙන්නේ?

පේන විදිහට මුන් කට්ටියම පොලිසියට වඩා හොඳ  කැමරා ඉදිරිපිට කොමිට් කෑලි රඟපාන්නට ය.

පුරවැසියන් ලෙස ඔවුන්ගෙන් කළ හැකි අවසන් ඉල්ලීමක් ඇත. කරුණාකර ඔය නිල ඇඳුම ළමයෙකුට දී රඟපාන්න යන්න…

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

නිසි කාලය තුළ ජනාධිපතිවරණය පැවැත්වීම පිළිබඳ සභාව කල්තැබීමේ විවාදය හෙට ! 

Next Post

ක්ලබ් වසන්ත ඝාතකයින් බෝට්ටුවෙන් ඉන්දියාවට පැනීම වැළැක්වීමට මන්නාරමේ ආරක්ෂාව තර කරයි!

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.