පාර්ලිමේන්තුව තුළ තුන්වන වරටත් ක්‍රියාත්මක වූ නියෝජ්‍ය කතානායක තේරීමේ ඡන්දයෙන් පොහොට්ටුවෙන් ඉදිරිපත් කළ අජිත් රාජපක්ෂ නියෝජ්‍ය කතානායකවරයා ලෙස් වැඩි ඡන්ද 31කින් තේරී පත් වූයේය.
සමගි ජන බලවේගයෙන් ඉදිරිපත් වූයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්නය. ඇයට ලැබුණේ ඡන්ද 78කි. චන්ද 23ක් අවලංගු වී තිබිණි. එම අවලංගු ඡන්ද 23 ඇය වෙත හිමි වුවත් ඇයට ලැබෙනු ඇත්තේ ඡන්ද 101කි.
පොහොට්ටුව යළිත් තම බලය පාර්ලිමේන්තුව තුළ තහවුරු කර පෙන්වීමට මේ අවස්ථාව කරගෙන ඇත.
කියවන්න…
පළමු පාර්ලිමේන්තු සැසි වාරයේ දීමට පොහොට්ටුව අගමැතිට පිටින් යයි!