පාර්ලිමේන්තුවේ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති ප්‍රගීත් පෙරේරාගේ සහ නිදහස් මාධ්‍යවේදී කසුන් සමරවීරගේ ජංගම දුරකථන පාර්ලිමේන්තු පරිශ්‍රය තුළ පොහොට්ටු මන්ත්‍රීවරුන් විසින් පැහැර ගැනීම සම්බන්ධව අද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කතානායකවරයාට, අගමැතිවරයාට සභානායකවරයාට සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයාට පාර්ලිමේන්තුවේ දී දන්වා .
ආණුඩු පක්ෂ රැස්වීම අවසන් වී එන මන්ත්‍රීවරුන්ගේ ප්‍රකාශ සහ ඡායාරූප ලබා ගැනීම සාමාන්‍යයෙන් සිදුකරන පරිදි සිදුකරද්දී මන්ත්‍රී පිරිසක් විසින් එම ජංගම දුරකථන පැහැරගෙන ඇති බව විපක්ෂ නායකවරයා කීවේය.
“ඔවුන්ට නිදහසක් ලබා දීලා තියනවා අයිෆෝන්වලින් වොයිස්කට් වීඩියෝ ප්‍රකාශ ගන්න. අද ඔවුන් සතු දුරකථන දෙකම පැහැරගෙන තියෙනවා ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමෙන් පසු. එම මන්ත්‍රීවරුන් විසින්. එම දුරකථන දෙක ඔබගේ අවධානයට යොමු කරන්න. ජනමාධ්‍ය නිදහස ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයේ හතරවැනි කුළුණ. වත්මන් අගමැතිවරයාත් නිදහස් ජනමාධ්‍ය වෙනුවෙන් පෙනී සිටින කෙනක්. ඒ නිසා ඔබතුමාගෙන් සභානායක තුමාගෙන් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක තුමාගෙන් මේ ඉල්ලීම කරනවා. නිදහස් මාධ්‍යවේදීන්ගෙන් පැහැරගත් දුරකථන දෙක ඒ අයට බාර දෙන්න. ජනමාධ්‍යවේදීන්ට තමන්ට රිසි සේ මාධ්‍ය කරණයට ඉඩ දෙන්න.
මේ අවස්ථාවේ දී නැගී සිටි සමගි ජන බලවේගයේ මන්ත්‍රී මනුෂ නානායක්කාර කීවේ මේ චණ්ඩිකම කරන්නට ඇත්තේ පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ගේ පීඩනය නිසා විය හැකි නමුත් මේ පන්ඩිතකම දුෂ්ටකම නැතිකරගන්නා ලෙසය. පක්ෂ විපක්ෂ භේදයකින් තොරව අප හැමෝටම පහර දෙන්නේ මේ උද්දචඡ කම නිසා බවත් ඔහු කීවේය.
“ තව දුරටත් එහෙම නොවුනොත් අපි හැමෝටම ගෙවල්වලට යන්න වෙන්නෙ අතුකෝරල මන්ත්‍රීවරයා ගිය විදිහට තමයි.“ මනුෂ නානායක්කාර මන්ත්‍රීවරයා කීවේය.
මේ දුරකථන පැහැරගැනීම ගැන කතානායකවරයා විශේෂයෙන් සොයා බලන බවට සභාවට පොරොන්දු විය.