නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂට අයත් හම්බන්තොට, මත්තල ප්‍රදේශයේ ඉඩමක නීති විරෝධී ලෙස ගංජා වගාවක් පවත්වාගෙන ගිය පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
කතරගම කඳවුරට අනුයුක්ත පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කළේය.
සැකකරු නියෝජ්‍ය කථානායකවරයාට අයත් අක්කර 10ක ඉඩමකින් අක්කර දෙකහමාරකට ආසන්න ප්‍රමාණයක් කුලියට ගෙන නීතිවිරෝධී ලෙස ගංජා වගාවක් පවත්වාගෙන ගොස් ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
සැකකරු සන්තකයේ තිබී අඩි 4 හමාරකට ආසන්න උසකින් යුත් ගංජා පැල 18,956ක් පොලිස් විශේෂ කාර්ය බලකාය භාරයට ගෙන ඇත.
සැකකරු වැඩිදුර විමර්ශන සඳහා කතරගම පොලිසියට භාරදී ඇත.







