අනුරාධපුර – පර්සි කුරුනේරු –
මේවනවිට පවතින දැඩි නියගය හේතුවෙන් අනුරාධපුර මධ්‍යම නුවරගම් පළාත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගම්මාන රැසක වැව් සහ ළිං සිදීයාමෙන් වන සතුන් සහ ගවයන් මෙන්ම ජනතාව දිය පිපාසය සංසිදුවා ගැනීමට ජලය නොමැතිවීමෙන් දැඩි ලෙස පීඩාවට පත්ව සිටිති.
උද්ගතව ඇති තත්ත්වය හමුවේ ගව පාලනයෙහි නිරත කිරි ගොවීන් මේ වනවිට තම කිරි ගවයින්ට ආහාර සහ ජලය අවශ්‍ය තාවයන් සපුරා ගැනීමේදී දැඩි අපහසුතාවයන්ට පත්ව සිටිති.
මේවනවිට මධ්‍යම නුවරගම් පළාත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මානින්ගමුව, කුඩාහල්මිල්ලෑව,ඇහැටුවැව,ලෝලුගස්වැව,පානෙක්වැව හා මහ හල්මිල්ලවැව යන ගම්මනවල ගව පාලනයෙහි නිරත ගොවි පවුල් සියයකට වැඩි සංඛ්‍යාවක් මෙලෙස පීඩාවට පත්ව සිටිති.
එම ගම් වැසියන්ගේ ප්‍රධානතම ජීවනෝපාය වනුයේ කිරි ගවයින්ගෙන් කිරි නිෂ්පාදනය කොට අලෙවි කිරීමවේ.
එහෙත් මේ වනවිට එම ගවයින්ට අවශ්‍ය ජලය සහ ආහාර නොමැතිවීම හේතුවෙන් කිරි ගවයින්ගේ කිරි නිෂ්පාදනය විශාල ලෙස අඩුවී තිබෙන බවත්,නිසි පෝෂණය නොමැති වීම හේතුවෙන් ගව පැටවුන් මේ වනවිට මියයමින් සිටින බවත් ගොවීන් පවසති.
ප්‍රදේශයේ ඇති වැව් කිහිපයකම මේ වනවිට ජලය සිදීගොස් තිබෙන බවත් පවසති.
ජල හිගය නිසා තමන් විදින දුක පිළිබඳව සොයා බැලීමට රජයේ බලධාරින් කිසිවෙකුගේ අවධානය යොමුවී නොමැති බව ඇහැටුවැව පැරකුම් ගොවි සංවිධානයේ සභපති කුමාරසිරි බණ්ඩා මහතා පැවැසීය.