සුමිත් පොතුපිටිය –
75 වන නිදහස් දින පෙළපාළියට විශේෂ කාර්ය බලකා සෙබළුන් රැගෙන ගමන්ගත් බස් රථ 3ක් එකිනෙක ගැටී සෙබළුන් 9 ක් රෝහල් ගතකර ඇතැයි පොලිසිය පවසයි.
කටුකුරුන්ද විශේෂ කාර්ය බලකා කඳවුරේ සිට ගාළු මුවදොර පිටිය දක්වා පුහුණුවීම් සදහා සෙබළුන් රැගෙන යමින් සිටියදි පානදුර නල්ලුරුව ප්‍රදේශයේ දී මෙම අනතුර සිදුව ඇත.
තුවාල ලැබූ සෙබළුන් පානදුර මූලික රෝහලට රැගෙන ගිය බව සදහන් වේ.
පානදුර දකුණ පොලිසිය පරීක්ෂණ පවත්වති .







