දිනසේන රතුගමගේ –
වන්නි ජනතා පවුර සංවිධානය විසින් මෙවර නිදහස් දිනය නිමිත්තෙන් වන්නියේ සිංහල දෙමළ හා මුස්ලිම් ජනතාවගේ සහභාගිත්වයෙන් රථ පෙළපාලියක් සංවිධානය කොට තිබුණි.
වවුනියාවේ තාණ්ඩික්කුලමේ සිට කිලෝ මීටර් තුනක් පමණ දිග පෝලිමකින් යුතුව මෙම රථ වාහන පෙලපාලිය ගමන් කළ අතර එම පෙලපාලිය වවුනියාවේ නගරය පුරා ජාතික ධජ රැගෙන ගමන් කළහ.
වවුනියාව ඉතිහාසයේ මෙතරම් විශාල රථ පෙළපාළියක් ජාතික නිදහස් දිනය නිමිත්තෙන් සංවිධානය වූ පලමු අවස්ථාව මෙය විය.







